ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය : අද පොලිස්පතිවත් CID යට කැඳවලා !

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය : අද පොලිස්පතිවත් CID යට කැඳවලා !
ජනාධිපති සිරිසේන ඝාතන කුමන්ත්‍රණයට අදාළ විමර්ශන සඳහා පොලිස්පති පූජිත ජයසුන්දරව කැඳවා ප්‍රකාශ ලබාගැනීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් වූ  කැඳවීම අද (25) සිදුකර තිබේ.
 
ඒ අනුව මේ වන විටත් පොලිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් හමුවේ  අදාළ ප්‍රකාශය ලබාදෙමින් සිටියි.
 
සිරිසේන ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර සිටියේ මත්ද්‍රව්‍ය විරෝධී ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයකු වූ නාමල් කුමාර නැමැත්තාය. ඊට පෙර ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින්ද ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවත් ත්‍රස්ත විමර්ශන අංශයේ නාලක සිල්වා ඊට තම සහය ඉල්ලා සිටි බව මෙන්ම ඒ සඳහා සාක්ෂි ඇති දුරකථන සංවාද පටිගත කර තිබෙන බවද ඔහු පැවසීය.
 
ඒ ගැන කියමින් ඔහු හඬපට එකසිය ගණනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් නමුත් ඒ කිසිවක ඝාතන කුමන්ත්‍රණයක් ගැන සඳහන්වුයේ නැත.
 
එසේම කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමට පෙර සිරිසේන කියා සිටියේ ඉන්දීය රෝ ඔත්තු සේවාව ද තමන්ව ඝාතනය කිරීමේ සැලසුම පිටුපස සිටින බවය. ඔහු අමාත්‍ය මණ්ඩයේදී ඒ බව පවසා නිසි විමර්ශනයක් සිදුනොවන්නේ ඇයිද කියා මැසිවිලි නගා ඇති බව ඉන්දියාවේ හින්දු පුවත්පතද වාර්තා කර සිටියේය.
 
සිරිසේන ජනාධිපති මෙවැනි ප්‍රකාශයක් සිදුකරේ ඒ වන විටත් ඝාතන කටයුත්තට සම්බන්ධ බවද ඉන්දීය ජාතිකයකුද අත්අඩංගුවට ගෙන තිබු පසුබිමේය. නමුත් ඒ අවස්ථාවේ ඉන්දීය ආණ්ඩුව පවසා සිටියේ අදාළ ඉන්දීය ජාතිකයා මානසික රෝගියකු බවය. එසේම පසුගියදා අංගොඩ මානසික විද්‍යායතනයේ නිකුත් කල වාර්තාවකද සඳහන් වුයේ එම ඉන්දීය ජාතිකයා මානසික රෝගයකින් පෙලෙන බවය.
 
ජනාධිපති සිරිසේන කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවමින් පවසා සිටියේ තමන් ඝාතනය කිරීමේ සැලැස්මක් තිබූ බවය. එසේම ඒ මොහොතේ නාමල් කුමාරද මාධ්‍ය හමුවක් පවත්වා කීවේ රනිල් වික්‍රමසිංහ අගමැති සහ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊට සම්බන්ධ බවය. කෙසේ වුවත් සිරිසේන ජනාධිපති කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ඝාතන කුමන්ත්‍රණය ගැන කිසිවක් කීවේ නැත. ඒ අනුව දැන් නාට්‍ය පැහැදිළි ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න