පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණට බැවින් පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති ජනාධිපතිට රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබානොදෙන බව කියමින් කොන්දේසි දැමිය නොහැකි බවත් යතාර්ථය තේරුම්ගෙන කටයුතු කිරීමට සිරිසේන ජනාධිපති සූදානම් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.
එහිදී හිටපු ජනාධිපතිනිය එක්සත් ජාතික පක්ෂය සමඟ එදා කටයුතු කල ආකාරය සිහිපත් කළ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ඇය කිසිම අවස්ථාවක අරක බෑ මේක බෑ කියමින් කේවල් නොකළ බවත් කුමන ප්‍රශ්නයක් තිබුණත් රට අස්ථාවර නොවී පවත්වාගෙන යන්නට ඒ හරහා හැකිවූ බවය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන්කර සිටියේ අද (26) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
මැතිවරණයකට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පෙරමුණේ පක්ෂ කිසිදු බියක් නොමැති බවත්, එජාපයේ තුරුම්පු මැතිවරණය ආරම්භයේදී ඉදිරිපත් කිරීම පක්ෂයේ අභිලාශය බවත් එහිදී සඳහන්කළ මන්ත්‍රීවරයා එම තුරුම්පු කෙබදු ආකාරයේ ඒවා දැයි දැන්ම හෙළිකොට ඒ සඳහා ඊනියා ජනාධිපති හා අගමැතිව සූදානම් කරන්නට බලාපොරොත්තු නොවන බවත් මැතිවරණ අවස්ථාවේ ඒ සියල්ල කාටත් දැකගන්න ලැබෙනු ඇති බවද පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා, "අද ද්‍රවිඩ ඊලාම් කාරයෝ යාපනයේ සරසවියේ කේක් කපා ඊලාම් සමරුව ජයටම සමරනු ලැබුවා. ඔක්තෝබර් 26 දිනට කලින් මේ සිදුවීම, සිදුවූයේ නම් අද උදයගම්මන්පිලලා, විමල් වීරවංශලා කටවල් උල්කරගෙන අපේ රජය පතුරු ගහන අන්දම දැක බලාගන්නට තිබුණා. පසුගිය කාලයේ ක්‍රිකට් තරඟ සියල්ලම වාගේ ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. ඒ කාල වකවානුවල ඇමතිකම් දැරුවේ දයාසිරි ජයසේකර හා ෆයිසර් මුස්තාපායි.
ජනාධිපතිගේ ගෝලයෝ. දැන් සිංගප්පූරු ගිවිසුම ගැන කියන්නේ මොනවාද? ඒකේ වරදක් නැති බව මුදල් ඇමතිකම නොලැබුණු ආර්ථික ඔස්තාද් බන්දුල ගුණවර්ධන කියනවා දැන් GOMA එකේ අය කියන්නේ මොකක්ද? ඩොලරයේ අගය අද කීයද ? පවතින සිදුවන හැම කාරණයකදීම ඊනියා ව්‍යාජ ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය කරනවා. මාසයකට ආසන්න කාලයක් තුලදි රටේ ජනතාවට මේ තත්වය අවබෝධ කරදීමට හැකියාව ලබාදීම ගැන අපි මහින්ද - සිරිසේන දෙදෙනාට ස්තුති වන්ත වෙනවා."

