රටේ දේශපාලන අස්ථාවර වී ඇති බැව් නීති විරෝධි අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කොට ඇති අතර රට එම අස්ථාවර තත්වයට පත්වූයේ ඔක්තෝබර් 26 දායින් පසුව බවත්, ඉන් පෙර එවැනි තත්වයක් නොතිබූ බැවින් එම අස්ථාවරත්වයට හේතු වූ දේශපාලන කුමන්ත්‍රණයේ ප්‍රධානතම සහචරයා අගමැති පදවිය පික් පොකැට් ගැසු මහින්ද රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ අද (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය නැති කරන්නට නම් කළ යුත්තේ නිත්‍යානූකුල අගමැතිවරයා නැවත පත්කිරීම සඳහා ව්‍යාජ අගමැතිවරයා ඉල්ලා අස්වීම බවත් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවටත්, නීතියටත්, ගරුකොට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.
එහිදී තවදුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරයා, "දැන් ජනාධිපතිවරයා නැවත වරක් අගමැතිවරයෙක් පත්කරන්නට කතා කරනවා. එතකොට එතුමා අලූතෙන් පත්කළ අගමැතිවරයාට මොකක්ද වෙන්නේ. මම හිතන්නේ දැන් එතුමා අස්කරලා කියලා ජනාධිපතිවරයා පිළිගන්නවා. එයා දැන් අගමැති ද ? නැද්ද ? කියලා ජනාධිපති කිව යුතුයි. දැන් මහින්ද රාජපක්ෂගෙන් අහන්න තියෙන්නේ ඔබතුමා පත්කරලා තියෙද්දි දැන් ආයිත් වෙන කෙනෙක් පත් කරන්න හදනවා. ඔබතුමා මේක දන්නවද? මොකක්ද මේ විකාරේ මේ බල සූදුවට ගිහිල්ලා ඔබතුමාගේ මූන බිම ඇනිලයි තියෙන්නේ. ඔබ රට බේරාගන්න වීරයා කියලනේ හඳුන්වන්නේ. ඒ නිසා ඒ ගරුත්වය තියාගෙන රට හමුවේ තව තවත් හෑල්ලූ වෙන්නේ නැතිව බහුතර බලය තියන කණ්ඩායමට අගමැතිවරයෙක් පත් කරගන්න ඉඩ දෙන්න කියලා ඉල්ලා සිටින්න කැමතියි."

