රාජ්‍ය මූල්‍ය සමග පිස්සු නටන රාජපක්ෂ නාඩගම යළිත් ඇරඹේ !

රාජ්‍ය මූල්‍ය සමග පිස්සු නටන රාජපක්ෂ නාඩගම යළිත් ඇරඹේ !

මෙරට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ඇමරිකානු ඩෝලර් 53,455 ක් මෙරටින් පිට කිරීමට ගොස් රේගු අත් අඩංගුවට ගත් ඩෝලර් 53,455 නිදහස් කිරීමට මහින්ද රාජපක්ෂ කටයුතු කළ බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පිළිගෙන ඇත.

 මීට අදාළ නිවේදනය මුදල් අමාත්‍යංශය විසින් අද (27) නිකුත්කර ඇත.

ඊට අනුව  ඉරාන ජාතිකයා සතුවූ, රාජසන්තක කරනු ලැබූ මුදල් මහින්ද රාජපක්ෂගේ මැදිහත්වීමෙන්  නිදහස් කළ බවට සාක්ෂි වශයෙන් ඉදිරිපත් ලියුම නිවැරදිය. එහෙත්  ඊයේ (26) දිනයේ  මෙම ලියුම සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර තිබුණු අතර එහිදී රාජපක්ෂ හිතවාදීන් සඳහන්කර සිටියේ එය ව්‍යාජ ලියවිල්ලක් බවය.

 ඒ අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවේ මුදල් අමාත්‍යංශය අරක්ගෙන සිටින මහින්ද රාජපක්ෂ සුපුරුදු පරිදි රාජ්‍ය මුල්‍ය අක්‍රමිකතා ආරම්භ කර ඇති බව පෙනෙන්නට ඇත.  

ඒ බව මෙම සිදුවීම හරහා පැහැදිළි කරනවා නම් ඒ මෙසේය. මෙම සිදුවීමට නිමිත්තව ඇත්තේ  උමා ඔය ව්‍යාපෘතියේ සේවය කරන ඉරාන ජාතිකයකු තමන්ගෙ වැ‍ටුප ලෙස එම මුදල ඉරානයට රැගෙන යෑමට උත්සහ කර කිරීමය. නමුත්  ඒ සම්බන්ධයෙන් රේගුව දැනුම්වත් කිරීමක් ඉරාන ජාතිකයා  සිදුකර නැත. ඇමරිකාව හා ඉරාණය අතර පවතින විරසකය නිසා ඉරාන ජාතිකයන්ට ඩෝලර් ගනුදෙනු කිරීමේ තහංචි පනවා ඇත. එය එක්සත් ජාතීන්ගේද අනුමැතිය සහිතව ක්‍රියාත්මක වන්නක් වන අතර එම සම්බාධක ශ්‍රිලංකාවද පිලිගෙන ක්‍රියාත්මක කළ නීතිමය ප්‍රතිපාදනයකි.

මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ලෙස අදාළ මුදල නිදහස් කිරීමට කටයුතු කිරීම හමුවේ එම ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කර ඇතුවා පමණක් නොව ඉතාම සැකසහිත ආකාරයට සිදුකල වරද සඟවා ගැනීමට හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ නමද ඊට එක්කර ඔහුද මෙවැනි නියෝග නිකුත්කර ඇති බව සඳහන් කර තිබේ.

 රාජපක්ෂ නම් බළලා මල්ලෙන් එළියට පනින්නේ එතැනදීය. 2018 ජුනි මාසයේ මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ලෙස මැදිහත්වූ ආකාරය සහ මහින්දගේ මැදිහත්වීම අතර වෙනසක් ඇත. එවකට වූ සිදුවීම වූයේ එම ඉරාන ජාතිකයා ද තම වැ‍ටුප් මුදල් ලෙස යුරෝ දසදහසකට වැඩි මුදලක් ගෙනයෑමට තැත් කර තිබුණේ ඒ බව මෙරට ආගමන විගමන නීති අනුව රේගුව හරහා නිශ්කාශනය කර නොගැනිමෙනි. ඒ නීතිය නොදන්නාකම නිසාය. පසුව එය නිත්‍යානුකූළ ලෙස කටයුතු කර අදාල බදු මුදල් ගෙවා එම මුදල නිදහස් කරගෙන තිබේ. 

ඒ අනුව ඉතා පැහැදිළිව මංගල සමරවීර අමාත්‍යවරයා අදාළ මුදල නිදහස් කරන්න මැදිහත්වූයේ  බදු මුදල් ඇතුළත් නියම ක්‍රමවේදයට අනුවය. එහෙත් රාජපක්ෂ මීට මැදිහත්ව ඇත්තේ මැදමුලන ක්‍රමයට නියමිත බදු මුදල් පවා අයකර නොගෙනය. එසේම එහිදී මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මුතියද උල්ලංඝනය කර ඇති බවද තහවුරු වෙයි.

මහින්ද රේගුවට නිකුත්කළ ලිපිය පහත දැක්වේ.

 46812395 360818567817144 7419899704302895104 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න