සිරිසේන - රාජපක්ෂ ව්‍යවස්ථා විරෝධී හවුල පරාජය කරනවා - රනිල්

සිරිසේන - රාජපක්ෂ ව්‍යවස්ථා විරෝධී හවුල පරාජය කරනවා - රනිල්

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිරිසේන – රාජපක්ෂ හවුල ආරම්භ කර තිබෙන ව්‍යවස්ථා විරෝධී ගමන නතර කිරීම සඳහා දේශපාලන පක්‍ෂ සහ බහුජන සංවිධාන සමග එක්ව කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඒකාබද්ධව කොළඹ, විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට ආරම්භ කර තිබෙන අඛණ්ඩ සත්‍යග්‍රහයට ඊයේ (26) සවස සහභාගි වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ආරම්භ කර තිබෙන මේ ව්‍යවස්ථා විරෝධී ගමන නතර කළ යුතුයි. පාර්ලිමේන්තුවේ සිටින්නේ ඔබේ නියෝජිතයිනුයි. එම නියෝජිතයන් හොඳ ද, නැද්ද කියා තීරණය කිරීමට වසර 5 කට වරක් ඔබට අවස්ථාව උදා වෙනවා. නමුත්, වසර පහකට පෙර මැතිවරණයක් කැඳවනවා නම් සියලූ පක්‍ෂ නායකයින් කැඳවා, සාකච්ඡා කොට තීරණයක් ගත යුතුයි.

අද අපට අවශ්‍ය වී තිබෙන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමයි. ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්‍ෂා වන්නේ මේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම තුළිනුයි.

සිරිසේන – රාජපක්ෂ හවුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම උල්ලංඝණය කරමින් මේ යන ගමනට එරෙහිව අද පක්‍ෂ, පාට බේදයකින් තොරව සියලූ ජන කොටස් එකට එක්වී රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වනවා.

වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය සංවිධානය කර තිබෙන්නේ ද ඊට සමගාමීවයි. ඒ සම්බන්ධයෙන් මේ සියලූ දෙනාට මාගේ ස්තූතිය පිරිනැමීමට කැමතියි.

අප ආරම්භ කර තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගවලින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට කැප වෙනවා යැයි ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.   

B37A7693

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න