කුමන්ත්‍රණ ආණ්ඩුවේ මන්ත්‍රීන් පාර්ලිමේන්තු ගියේ දිවා ආහාරයට පමණයි !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ මන්ත්‍රීන් පාර්ලිමේන්තු ගියේ දිවා ආහාරයට පමණයි !

අද (27) දහවල් පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවීමට කුමන්ත්‍රණ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ අතර මන්ත්‍රීවරුන්ගේ දිවා භෝජනය සඳහා වැයවන මුදල කතානායකවරයාගෙන් අය කර ගන්නා ලෙස ඉල්ලීමක් කිරිමට ද ඔවුන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බවද වාර්තා වෙයි.  

ඒ අනුව ඔවුන් අද පාර්ලිමේන්තුවට ගොස් ඇත්තේ දිවා ආහාරය ගැනීමේ අපේක්ෂාවෙන් පමණි. 

කෙසේවුවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ අවස්ථාවක් නොමැති බැවින් සිරිසේන - මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කරමින් සිටින බවය.

මේ වන විට විශ්වාසභංග දෙකක් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දට එරෙහිව පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති අතර අවස්ථා හතරකදී සිරිසේන - මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරය නොමැති බව තහවුරු කර ඇත. ඒ අනුව ආණ්ඩුව තමන් බව කියාගන්නා කුමන්ත්‍රණ පාර්ශවය පාර්ලිමේන්තුව වර්ජනය කර තිබීම පැහැදිළිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න