19 සංශෝධනයට වැඩක් දෙන්න : සිරිසේන කුරුමානම් අල්ලයි !

19 සංශෝධනයට වැඩක් දෙන්න : සිරිසේන කුරුමානම් අල්ලයි !

ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කරමින් කුමන්ත්‍රණ ආණ්ඩුවක් පිහිටවූ සිරිසේන ජනාධිපති 19 වන ව්‍යවස්ථාවේ දුර්වලතා ඇති බව කියමින් එය සංශෝධනය කිරීමට සූදානම් වන බවට දේශපාලන විශ්ලේෂකයන් අනතුරු හඟවයි.

අද (06) ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක් උපුටා දක්වමින් ඔවුන් මේ බව අවධාරණය කර සිටියි.

එහිදී දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම ඇතුළු  19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ ගෞරවය තනි මුක්තියට ගැනීමට නිවේදනය හරහා ජනාධිපතිවරයා කටයුතු කර ඇති නමුත් ඒ හරහා සිදුකල විධායක ජනාධිපතිට පාර්ලිමේන්තුව වසර 4 1/2 යනතුරු විසුරවිය නොහැකි බව ඇතුළු එම ධූරයේ බලතල කප්පාදු කිරීමට සළසන ලද කොටස් සඳහන් නොකිරීම බරපතල සැකසංකා මතුකරන්නක් බවය.

ඒ අනුව ජනාධිපති සිරිසේන ඒකාධිපති ආරූඪයක් ගැනීමට ඇති බාධා ඉවත්කරගෙන යලිත් ජනාධිපතිවීමේ සූදානමක් ඇති බවත් එම තත්ත්වය සැඟවීම සඳහා පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව අදාළ සංශෝධන සිදුකරන බවට ව්‍යාජ වාක්‍යක් ඊට යොදා ඇති බවත් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසවී ඇත.

පහත දැක්වෙන්නේ ව්‍යවස්ථාව කඩා කුමන්ත්‍රණ ආණ්ඩුවක් පිහිටවූ, පාර්ලිමේන්තුව තුළ බහුතරය නොමැති බව ඔප්පුවීම හමුවේ පාර්ලිමේන්තුවද විසුරවා හැරිය  සිරිසේන ජනාධිපති නිකුත් කල අදාළ මාධ්‍ය නිවේදනයයි.47576852 335420240610711 4641792961783267328 n

47576852 335420240610711 4641792961783267328 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න