රිවිර මාධ්‍යවේදියාට : යෝෂිතගේ මැරයන්ගෙන් මරණ තර්ජන !

රිවිර මාධ්‍යවේදියාට : යෝෂිතගේ මැරයන්ගෙන් මරණ තර්ජන !

රාජපක්ෂ පවුලේ කඹ ඇදිල්ලක් හේතුවෙන් මේ වන විට වසා දමා ඇති රිවිර මීඩියා කෝපරේෂන් සතු රිවිර පුවත්පත් ආයතනයේ උපකරණ විශාල ප්‍රමාණයක් යෝෂිත රාජපක්ෂට හිතවත් කසුන් දුමීර සහ කසුන් මාදුවගේ යන අය විසින් කොල්ලකෑමේ සූදානමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් රිවිර පුවත්පතේ මූල් අවදියේ සිට වසර 13ක්  සේවය කල ප්‍රධාන ජායාරූප කතෘ චමිල කරුණාරත්නට පසුගිය සදුදා තර්ජනය කර ඔහු  සතුව ඇති කැමරා උපකරණ බලහත්කාරයෙන් පැහැර ගැනීමට  කසුන් දුමීර සහ කසුන් මාදුවගේ හෙන්චයියන් පිරිසක් මරණ තර්ජනය කරමින් උත්සහ කර ඇති බවද දැනගන්නට ඇත. එපමණක් නොව මේ පිරිස චමිල කරුණාරත්නගේ  මව සහ පියා ජීවත්වන මහනුවර නිවසට දුරකතනයෙන් අමතා කර තර්ජනය කර ඇති බවත් වාර්තා වෙයි.

තවද චමිල කරුණාරත්න මහතා දැනට පදිංචි ගොතටුව නව නගරයේ නිවසට ඔහු  නිවසේ නොමැති අවස්ථා කිහිපයකම ඩිෆෙන්ඩර වරගයේ ජීප් රථයකින් කිහිප විටක්ම පැමිණ අවට නිවෙසියන් බිය වද්දා ඇති බවද වාර්තා වන අතර ඒ හේතුවෙන් ඔහු මේ වන විටත් ජීවිතාරක්ෂාව පතා නිවසින් පිටව සිටින බවද වාර්තා වෙයි.  

මේ සම්බන්ධව අප කල විමසුමකදී චමිල කරුණාරත්න මාධ්‍යවේදියා සඳහන් කර සිටියේ මේ පිළිබඳව තමන්  නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවයි.

එසේම ආයතනයේ සේවක සේවිකාවන් සඳහන් කරන ලෙසට මේ පිරිස විනය විරෝධී සහ මුල්‍ය අක්‍රමිකතා හේතුවෙන් පාලන අධිකාරිය මගින්  රිවිර පුවත්පතෙන් ඉවත් කර සිටි පිරිසකි.

එසේම රිචඩ් පීරිස් ආයතනය මගින් 2006 වසරේ ආරම්භ කල රිවිර පුවත්පත පිටපත් ලක්ෂ 3ක්  දක්වා අලෙවි කර අලෙවි වාරතා තබමින්  වසර 13 ක පමණ කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත්පතක් ලෙස තිබිණ බවත්  පසුගිය සමයේ මුල්‍යමය වශයෙන් කඩාවැටී තිබු 'රිවිර' මාධ්‍ය ජාලයට  නව ආයෝජකයකු ලෙස පැමිණි  රාජපක්ෂ පවුලේ හිත්වතියකු වන කොළඹ නාගරික මන්ත්‍රිනී ප්‍රියංකා ජයසේකර මහත්මියද  යෝෂිත රාජපක්ෂ මහතාගේ  හිතවතුන් බව කියන  කසුන් දුමීර සහ කසුන් මාදුවගේ සහ යන අයගේ කෙනෙහෙලි කම් නිසා පුවත්පත අතහැර දමා ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න