ජනාධිපතිවරයා සුපිරි සංචාරක හෝටල් හිමියන්ගෙන් පළිගනී 

ජනාධිපතිවරයා සුපිරි සංචාරක හෝටල් හිමියන්ගෙන් පළිගනී 

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රමුඛ සියළුම රජයේ ආයතනවල උත්සව සදහා සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම තහනම් කරමින් රජය චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසිය.

රජයට සම්බන්ධ ශ්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබියදී ඒවා භාවිත නොකර අධික මිළ ගණන් ගෙවා රජයේ උත්සව සුඛෝපභෝගි හෝටල්වල පැවැත්වීම මගින් සිදුවන අධික

මුදල් නාස්තිය වැළැක්වීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියි.

පැහැදිලි පලිගැනීමක් !

කෙසේවුවද දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ජනාධිපතිවරයා විසින් මෙවැනි චක්‍රලේඛනයක් හදිසියේම නිකුත්කර ඇත්තේ සංචාරක හෝටල් හිමියන්ගෙන් පලිගැනීම සඳහා බවයි.  

ඊයේ දිනයේ (06) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදි ජනාධිපති සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබු සංචාරක සම්මාන උළෙල වර්ජනය කිරීමට සංචාරක කර්මාන්තයේ ප්‍රධානින් පිරිසක් තීරණය කිරිම නිසා එම උත්සවයට සහභාගී නොවූ ජනාධිපතිවරයා, ඊයේ පස්වරුවේ මෙම චක්‍රලේඛනය නිකුත්කර ඇත. 

රටේ දේශපාලන අර්බුදයක් හා ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් නිර්මාණය කර සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ඉඩ සළසමින් අද වන විට සිදු වී ඇති තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු ජනාධිපති සිරිසේන මහතාට  ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සම්මාන උළෙල සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් හෝටල් හිමියන් සිය අප්‍රසාදය පළ කර තිබිණ. 

මීට අදාලව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය පහත දැක්වේ.

47421380 2796669713678324 1009507452762193920 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න