"රවී නියෝජ්‍ය නායක හා මුදල් ඇමති" මව්බිම පුවත : අසරණ සිරිසේනගේ අතේ රෝලක් !

"රවී නියෝජ්‍ය නායක හා මුදල් ඇමති" මව්බිම පුවත : අසරණ සිරිසේනගේ අතේ රෝලක් !

"රවී නියෝජ්‍ය නායක හා මුදල් ඇමති" මැයෙන් අද (07) මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස යොදා පළකර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව වාර්තා වෙයි.

එම පුවත අනුව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ නියෝජ්‍ය නායක ධූරය මෙන්ම මුදල් අමාත්‍ය ධූරය හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වෙත ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදී තිබේ.

නමුත් අප වෙත ලැබී ඇති විශ්වාසවන්ත ආරංචිමාර්ග තහවුරු කර සිටින්නේ එවැනි කිසිම ලිඛිත පොරොන්දුවක් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ ලබාදී නොමැති බවත් රවී කරුණානායක මන්ත්‍රීවරයාද එවැනි ඉල්ලීමක් කොහෙත්ම සිදුකර නොමැති බවත්ය.

සිරිසේනගේ උපදෙස් මත හදපු පුවතක් !

එසේම මේ සම්බන්ධව ලැබෙන වැඩිදුර තොරතුරු වල සඳහන් වන්නේ මේ වන විට සිරිසේන ජනාධිපති දියත්කළ ව්‍යවස්ථා විරෝධී  ආණ්ඩු කුමන්ත්‍රණය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද පරාජයවීමේ අවධානමක් මතුව ඇති බැවින් මෙම සාවද්‍ය පුවත නිර්මාණය කරවා ඇති බවය. ඊයේ (07) සන්ද්‍යාවේ ජනාධිපති සිරිසේන විසින් මේ පුවත පළකරදෙන ලෙස මව්බිම පුවත්පතේ හිමිකරු වූ ටිරාන් අලස් වෙත පෞද්ගලිකවම දුරකතනයෙන් අමතා දැනුම්දී ඇති බවත් ඒ අනුව අදාළ පුවත තම පුවත්පතේ පළවූ බවට මව්බිම පුවත්පතේ මාධ්‍යවේදීන්ද සඳහන් කර සිටියි.

එසේම කුමන්ත්‍රණ ආණ්ඩුව විසින් ඉල්ලා ඇති මේ නින්දිත පුවත තම නමින් ලිවීමට එම මාධ්‍යවේදීන්ද අකමැත්ත පළකර ඇති අතර අවසානයේ එය නමක් නොමැති පේළි දෙකක පුවතක් ලෙස වාර්තා කරවන්නට ටිරාන් අලස් උපදෙස් දී ඈති බවත් දැනගන්නට ඇත. එසේම එය මව්බිම හී ඉංග්‍රීසි පුවත්පත වන CEYLON TODAY  පුවත්පතේද බලහත්කාරයෙන් ඇතුළත් කරන්නට ටිරාන් අලස් කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

මේ  ජනාධිපති සිරිසේනගේ තවත්  නින්දිත හැසිරීමක් බව තහවුරු කරන්නේ මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ ජනාධිපති මාධ්‍ය ඒකක ක්‍රියාකාරීන් අදාළ පුවත කරේ තියාගෙන ඇදගෙන යන පසුබිමය. 

රනිල් අගමැතිකරන යෝජනාවක් පාර්ලිමේන්තුවේ : සජිත් රවී මුල් තැන අරගෙන !

ඒ අන් කිසිවක් නිසා නොව  රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයේ කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ උපරිම විශ්වාසය තිබෙන බවට යෝජනාවක්‌ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට භාරදී තිබෙන නිසාය.  එක්‌සත් ජාතික පක්‌ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්‌සත් ජාතික පෙරමුණේ නායකයන් අටදෙනකු විසින් අත්සන් කර ඇති මෙම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුළත් කර තිබේ.  ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ මෙම යෝජනාව මෙම 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක්‌ කිරීමටත්, අනතුරුව එය බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමටත් තීරණය කර ඇතැයි එම පක්‌ෂයේ ප්‍රකාශකයෙක්‌ කීවේය.  සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, අකිල විරාඡ් කාරියවසම්, ලක්‌ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරන්, මංගල සමරවීර, රිෂාඩ් බදියුදීන් යන මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට අත්සන් තබා ඇත.

ඒ අනුව ඉතා පැහැදිළිව මේ උත්සාහ ගන්නේ අධිකරණ තීන්දු හමුවේද නන්නත්තාරව සිටින සිරිසේන ජනාධිපති යළිත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිවීමේ අවස්ථාව වළක්වාලීම වෙනුවෙන් එජාප අභ්‍යන්තරයේ අර්බුදයක් මැවිය හැකිදැයි බැලීමටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න