ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාලීමට නිකුත් කල ගැසට් නිවේදනය වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත්කර ඇති වාරණ නියෝගය එලැඹෙන 10 වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කර ඇත.
එසේම පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එමගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අNews සිව් වැනි දිනටත් විභාගයට ගැනීම ආරම්භ විය.
අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාග කෙරේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර ඇත.

