ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙනතුරු සිරිසේනගේ ගැසට් නිවේදනය අත්හිටුවයි ! 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙනතුරු සිරිසේනගේ ගැසට් නිවේදනය අත්හිටුවයි ! 

පාර්ලිමේන්තුව විසුරවා හැරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කල නියෝගය අදාළ පෙත්සම් සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු බලපැවැත්වීමට අද (07) නියෝග කෙරිණ.

ඒ අගවිනිසුරු නලින් පෙරේරා ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිව්වැනි දිනයටත් සිදුවූ පෙත්සම් විභාගය අවසන් කරමින්ය.

එහිදී පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ කනග් ඊශ්වරන් සඳහන් කර සිටියේ ව්‍යවස්ථාව උත්තරීතර මෙන්ම නම්‍යශීලී වන බවයි.

නමුත් ඒ යටතේ යම්  වරදක් වනවා නම් ඒ ව්‍යවස්ථාවේ වරදක් නොව ඒ මත තීන්දු තීරණ ගන්නා පාර්ශවයේ නැහැදුනු කම නිසා බවද ඔහු පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දැක්වූ විරාන් කොරයා නීතිඥවරයා සඳහන් කලේ ජනාධිපතිවරයෙක් 50%ක් හෝ ඊට වැඩි ජන්ද ප්‍රමාණයක් නියෝජනය කරන නමුත් පාර්ලිමේන්තුව 100%ක් වූ ජන්ද දායකයන් නියෝජනය කරන බවයි. එහෙයින් පාර්ලිමේන්තුව ඉක්මවා කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවයි ඔහු  අවධාරණය කලේය.

එසේම ව්‍යවස්ථාව නිවැරදිව අර්ථ කථනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යයක් වන නමුත් එය ජනාධිපතිට අනතුරක් නොවන අතර ජනාධිපතිට නිවැරදි තීන්දුවක් ගැනීමේ අවස්ථාව හිමිකර දීමක් වන බවද ඔහු පෙන්වා දුන්නා.

තවද පෙත්සම්කාර පාර්ශව නියෝජනය කරමින් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ අලගරත්නම් සඳහන් කලේ ජනාධිපතිගේ සියලු ක්‍රියා මාර්ග විධායකයට යටත් නමුත් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකදී ජනතාවට ඒ සම්බන්ධව අධිකරණයට යාමට හැකි බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න