කුමන්ත්‍රණ ආණ්ඩුවේ ව්‍යවස්ථා විරෝධී හැසිරීම අධිකරණය හමුවේද තහවුරු වෙමින් ඇති පසුබිමේ ජනතා අවධානය වෙනතක යොමුකිරීම සඳහා නැවතත් ජාතිවාදී කල්ලි කිහිපයක් බිහිකිරීමේ නින්දිත උත්සාහයක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.
මේ අතර පසුගිය දෙසැම්බර් 06 වනදා "මාතෘභූමි සුරක්ෂා" මැයෙන් සංවිධානය කර තිබු රැස්වීමට කුමන්ත්‍රණ ආණ්ඩුව හරහා VVIP දේශපාලනඥයකු වූ අයෙකුගේ ආරක්ෂක රථ පවා ලබාදී තිබූ බවත් එහි පැමිණ සිටි චීවර ධාරීන්ට අසුන් පනවා තිබුණේ STF (විශේෂ කාර්ය බලකාය) භාවිතා කරන මෙට්ට වීම සම්බන්ධව බුද්ධි අංශ අවධානය යොමුව ඇති බවද වාර්තා වෙයි.
රාජපක්ෂ පාලන සමයේ සිදුකල ආකාරයට ආරක්ෂක අංශ වල සහයද ලබාගනිමින් ඇති බව පෙනීයන අතර එවැනි භාණ්ඩ ලබාදීමට ආරක්ෂක අංශ හරහා හැර වෙනත් පාර්ශව හරහා අවස්ථාවක් නොමැති බව සහ මේ සම්බන්ධව VVIP දේශපාලනඥයාගේ මැදිහත්වීම නියත වශයෙන් ලැබී ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන්කර සිටියි.
එසේම මෑතක බෙදාහරිනු ලැබූ "සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා අනිකුත් සියළු ආගම් සහ ජාතීන්ට අයිති ජන කොටස් "දුර්මුඛ" කරමු" මැයෙන් බෙදාහැර ඇති පත්‍රිකාවක් සම්බන්ධවද බුද්ධි අංශවල අවධානය යොමුව තිබේ. එසේම මේ වන විටත් 2013 සිට මෙරට දියත්කල ජාතිවාදී ප්‍රහාර පිටුපස සිටි බවට හඳුනාගත් පාර්ශව කෙරෙහි විශේෂ බුද්ධිඅංශ කණ්ඩායම් යොදවා ඇති බවත් දැනගන්නට ඇත.

