ඉල්ලන දෙයක් දෙන්නම් මට සහය දෙන්න : TNA හමුවේ සිරිසේන වැඳ වැටිලා !

ඉල්ලන දෙයක් දෙන්නම් මට සහය දෙන්න : TNA  හමුවේ සිරිසේන වැඳ වැටිලා !

අද (12) උදෑසන ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනාධිපති සිරිසේන අතර විශේෂ හමුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එම සාකච්ඡාවේදී සිරිසේන ජනාධිපති පවසා ඇත්තේ අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ යෝජනා කරමින් ගෙනෙන යෝජනාවට සහය නොදෙන ලෙසය.
 
තමා සම්බන්ධව විශ්වාසය තැබුවහොත් ද්‍රවිඩ ජාතික සන්ධානය ඉල්ලන ඕනෑම දෙයක් ලබාදීමට සූදානම් බවට ජනාධිපති සිරිසේන එහිදී පොරොන්දුවී ඇති බවත් වාර්තා වෙයි. එසේම  සිරිසේන ජනාධිපති අද දිනයේද රනිල් සියල්ල විනාශ කල බවත් රට නොබෙදා බලය බෙදීමට තමන් යෝජනා කල සෑම අවස්ථාවකදීම රනිල් එය ප්‍රතික්ෂේප කරවූ බවත් ඊට ජාතිවාදී පක්ෂ වල සහය ඔහු ලබාගත් බවත් ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා ඇති බවද දැනගන්නට ඇත.
 
තවද තමන්ට සහය දෙනවා නම් හෙට දිනයේ වුවත් සියළු ද්‍රවිඩ ජාතික සිරකරුවන් නිදහස් කිරීමට තමන් සුදානම් බවද ජනාධිපති පවසා ඇති බවත් වාර්තා වෙයි.
 
සිරිසේන ජනාධිපති මෙසේ පවසන විට සිනාමුසු මුහුණින් සිටි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා පැමිණ ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න