අධිකරණ තීන්දු අදාළ නෑ : එක ගමනකට සූදානම් වෙන්න - සිරිසේන මන්ත්‍රී කණ්ඩායමට දන්වලා !

අධිකරණ තීන්දු අදාළ නෑ : එක ගමනකට  සූදානම් වෙන්න - සිරිසේන මන්ත්‍රී කණ්ඩායමට දන්වලා !

“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් : කුමන්ත්‍රණය දිගටම !”මැයෙන් දෙසැම්බර් 09 වනදා newstube.lk  විසින් සිදුකල අනාවරණය නිවැරදි කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද එකම කණ්ඩායමක් ලෙස ඉදිරියටත් කටයුතු කළ යුතු යැයි ජනාධිපති සිරිසේන ඊයේ (11) එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හමුවේ දැඩිව අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

මෙහිදී ජනාධිපති සිරිසේන පෙන්වාදී ඇත්තේ පෙත්සම්කරුවන්  අධිකරණයෙන් විමසා ඇත්තේ පාර්ලිමේන්තුව විසිරුවීම ව්‍යවස්ථාවට එකඟද නැතිද යන කාරණය පමණක් බවත් ඒ හැර  දේශපාලනිකව ගන්නා තීන්දු සඳහා අධිකරණ විනිසුරුවන්ගේ තීන්දු අදාළ නොමැති බවය.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී ස්ථාවර රජයක් පත්වූ පසුව පැවැති රජයේ වංචා දුෂණ සෙවීම සඳහා කොමිෂන් සභා පත්කීරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසූ බවද දැනගන්නට ඇත.

මේ හමුව සඳහා කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති වූ මහින්ද රාජපක්ෂද සහභාගීව ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොදු ලකුණකින් මැතිවරණයට තරඟ කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.

එසේම පොහොට්ටුව පාර්ශවය සමඟ ගැටුම් ඇතිකර නොගන්නා ලෙසත් ඉදිරියේදී කාටත් පිළිගත හැකි පොදු ලකුණක් යටතේ මහ මැතිවරණයකට යාමට සහ ඒ හරහා 2/3ක බලයක් ලබාගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම තම අපේක්ෂාව බවද ජනාධිපති සිරිසේන පවසා ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න