Image

සිරිසේනගේ පාර්ලිමේන්තු විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධියි!

සිරිසේනගේ පාර්ලිමේන්තු විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධියි!

කුමන්ත්‍රණ ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 09 පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.‍

අග විනිසුරු නලින් පෙරේරා, ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ පෙත්සම විභාග වූ අතර විනිසුරු සත් දෙනාගෙන් සත් දෙනාම  මෙම විසුරුවා හැරීම නීත්‍යානූකූල නොවන බව තිරණය කොට ඇත. 

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් ගොනු කෙරුණු අතර, ඉන් විභාග කෙරුණේ 10 ක් පමණි.
පසුව ඊට අතරමැදි පෙත්සම් කිහිපයක් ද ඉදිරිපත්ව තිබුණු අතර පසුගිය 04 වනදා සිට 7 වනදා දක්වා දින 04ක් පුරා මෙම පෙත්සම් විභාගය සිදු කෙරිනි.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් මස 09 වනදායි.

ඊට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබූ අතර ඊට මැදිහත්කරුවන් වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් තවත් පාර්ශව කිහිපයක් අතමැදි පෙත්සම් ගොනු කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.

මෙම පෙත්සම් විභාගය ප්‍රථමයෙන් විනිසුරුවරුන් 03 දෙනෙකුගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු අතර මහින්ද රාජපක්ෂ ප්‍රමුණ සන්ධානයේ ඉල්ලීම තම සත් දෙනෙකුගෙන් යුතු පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය විභාග කෙරීමට 26 වනදා තීරණය කෙරිණි.

අගවිනිසුරුවරයාට අමතරව ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, බුවනෙක අළුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ මූර්දු ප්‍රනාන්දු මෙම පෙත්සම් විභාගයේ සෙසු විනිසුරුවරුන් ලෙස කටයුතු කළහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න