Image

මන්නාරම සමූහ මිනිවළේ අස්ථි කොටස් ජනවාරියේ ඇමරිකාවට

මන්නාරම සමූහ මිනිවළේ අස්ථි කොටස් ජනවාරියේ ඇමරිකාවට

මන්නාරම පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනිවළෙන් මේ වන විට හමුව ඇති සිරුරු 250ක් හඳුනා ගැනීමට පර්යේෂකයන් උත්සාහ දරමින් සිටින අතර, අදාළ අස්ථි කොටස් ලබන ජනවාරියේ වැඩිදුර පරික්ෂණ සඳහා අමෙරිකා එක්සත් ජනපදයට යැවීමට නියමිත බව වාර්තා වේ.

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ පස් ඉවත් කිරීමේදී මිනිස් අස්ථි කොටස් කීපයක් හමු වුණේ පසුගිය මාරතු 26 වැනිදාය. එම සිදුවීමෙන් පසු අධිකරණ නියෝගයක් යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කෙරුණි.

දින 115ක් තිස්සේ සිදු කෙරුණු කැනීම්වලදි සොයා ගත් මිනිස් සිරුරු 276ක අස්ථි කොටස් මෙසේ හමු වූ අතර ඉන් 21ක් දරුවන්ගේ බව සැළකේ. මෙම අස්ථි සාම්පල බීටා විශ්‍ලේෂණය සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ මියාමි වෙත රැගෙන යාමට නියමිත අතර එහිදි මෙම සිරුරු වළ දැමූ කාලය නිශ්චය කර ගැනීම අරමුණ බව ප්‍රමුඛ පෙළේ අධිකරණ වෛද්‍ය පරික්ෂකවරයෙක් පවසයි.

මේ සඳහා අතුරුදන් වූවන්ගේ කාර්යාලය සියලුම බරපැන දරණ බව අධිකරණ වෛද්‍ය නිළධාරි සමින්ද රාජපක්ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනමාධ්‍යෙව්දියෝ වෙබ් අඩවියට පවසා තිබේ. 

වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා මහේස්ත්‍රාත්වරයා සමඟ එක්ව අමෙරිකාවට රැගෙන යාම සඳහා නියැදි තෝරා ගැනීමට, පොලිස් නිළධාරින්, පුරා විද්‍යාඥයන් හා රජයේ රස පරික්ෂකයන් තෝරා ගැනීමේ හා සාම්පල මුද්‍රා තැබීමේ කටයුු සිදු කරමින් සිටින බව පැවසීය. මීට අමතරව මන්නාරම පුරවැසි කමිටුව නියෝජනය කරමින් නියෝජිතයෙකු ද  මේ සඳහා එක් කර ගැනිම අපේක්ෂාව වි ඇත. මේ අයුරින් විවිධ ජන කොටස් මෙම පරික්ෂණය සදහා එක් කර ගැනීමේ අරමුණ මෙම පරික්ෂණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අනාගතයේ දී දුර්මත ඇති වීම වළක්වමින් විනිවිදභාවයෙන් යුතුව පරික්ෂණ සිදු කිරීමේ  අවශ්‍යතාවය බව වෛද්‍ය රාජපක්ෂ වැඩි දුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න