සිරිසේන ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවාලීමට නිකුත් කල ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ තීන්දුව අද (13) සවස 4.00 පමණ ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.
අගවිනිසුරු නලින් පෙරේරා ඇතුළු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මේ පෙත්සම් විභාගය සිදුකළ අතර මේ වන විටත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ පිරිස් එම විනිසුරු මඩුල්ල සම්බන්ධව දැඩි මඩ ප්‍රහාර එල්ල කරමින් තිබේ.
ඒ කුමන්ත්‍රණය සාර්ථක කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ සහය අපේක්ෂාවෙන් ඒ හීලෑ කරගැනීමටය.
එසේම තීන්දුව කුමක් වුවත් ඒ නොතකා කටයුතු කිරීමට කුමන්ත්‍රණ ආණ්ඩුවේ සූදානමක් ගැනද වාර්තා වෙයි. ඒ වෙනුවෙන් ජනතාව නොමග යැවීම සදහා ගුණදාස අමරසේකර, ගෙවිදු කුමාරතුංග ඇතුලු රුධිර පිපාසිත ජාතිවාදීන් කිහිපදෙනක් මෙන්ම චීවරධාරීන් කිහිපදෙනකුගේද සහය කුමන්ත්‍රණ ආණ්ඩුවට ලැබෙමින් තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
