Image

ශ්‍රීලනිප අලුත් මහ ලේකම් දයාසිරි !

ශ්‍රීලනිප අලුත් මහ ලේකම් දයාසිරි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව මහ ලේකම්වරයෙකු පත්කිරීමේ සූදානමක් පිළිබඳ වාර්තා වෙයි.

එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අභිනව මහ ලේකම් ධූරය ලැබීමට නියමිතව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙතය.

ඒ අනුව තාවකාලිකව එම ධූරයේ කටයුතු කළ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසට තනතුර අහිමි වන අතර ඔහු මහ ලේකම් ලෙස කටයුතු කළ සමයේ තනතුරට අදාළ වගකීම් ඉටුකළ ආකාරය සම්බන්ධව ජනාධිපතිගේ එතරම් ප්‍රසාදයක් නැති බවද වාර්තා වෙයි. 

විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ශ්‍රීලනිප සාමාජිකයන් බඳවා ගනිමින් එය දුර්වල කිරීමට කටයුතු කරන අවස්ථාවේ ඒ වැළක්වීමට රෝහණ ලක්ෂ්මන් පියදාස කිසිවක් නොකළ බවට පැමිණිලි රැසක් ඇති බවද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න