Image

සරත් එන්. සිල්වා - අධිකරණයට අපහාස කරලා : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

සරත් එන්. සිල්වා - අධිකරණයට අපහාස කරලා : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් .එන් .සිල්වා ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය හේවා වඩුගේ  සිරිල් සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරු ලෙස හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටියේ ඉකුත් තුන් වනදා ජාතික එකමුතුව මඟින් මරදාන ප්‍රදේශයේ පැවැත්වූ රැස්වීමකදී අදහස් පළ කළ හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.

එමෙන්ම ඉකුත් ඔක්තෝබර් මස 18 වනදා ද ඔහු මෙ ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශයක් ඔහු විසින් සිදු කර ඇති බවද පෙත්සම්වලට සඳහන් වෙයි.

එම ප්‍රකාශ තුළින්  අධිකරණය හමුවේ පවතින කරුණක් පිළිබඳව හිටපු අගවිනිසුරුවරයා අදහස් පළ කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම ප්‍රකාශය තුළින් අගවිනිසුරුවරයා අපහාසයක් සිදු කර ඇති බවද චෝදනා කළේය.

හිටපු අගවිනිසුරුවරයාගෙ මෙම ක්‍රියාකලාපය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන මෙන්ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න