Image

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මහින්ද යළිත් අනාථයි !

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මහින්ද යළිත් අනාථයි !

අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ  ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට දින නියම කළ  ශ්‍රේෂ්ඨාධිකරණය,  අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තීන්දුව ලබාදී ඇත.

ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් එම් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද (14) විභාගයට ගැනිණ.
ඒ අනුව ජනවාරි 16,17,18 දිනයන්හිදී මෙම පෙත්සමේ වැඩිදුර  විභාගය සිදුකරලීමට නියමිතය.

එසේම අදාළ පෙත්සම් විභාගය හමුවේ රාජපක්ෂ කඳවුර අපේක්ෂා කර සිටියේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එරෙහි අතුරු තහනම ඉවත්කරවා ගැනීමය. නමුත් එය සාර්ථක නොවූ අතර මේ හේතුවෙන් එම පාර්ශවයේ අවසන් බලාපොරොත්තුවද ගිලිහීගොස් ඇත.

මේ අතර අධිකරණ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අදාළ මහින්ද රාජපක්ෂ පාර්ශවය ඉදිරිපත් කළ පෙත්සම තවදුරටත් විභාග කිරීමට අවශ්‍යතාවක් පවා නොමැති බව එක් විනිසුරුවරයෙකු තීන්දු කර ඇති බවය. එහෙත් ඊවා වනසුන්දර විනිසුරුවරියගේ පෙරැත්තය මත දින තුනක් ඒ සඳහා ලබාදීමට අවසානයේ තීන්දු වූ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න