මේ වන විට ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ ප්‍රධාන පෙළේ පිරිසක් සමඟ සාකච්ඡාවක් පැවැත්වෙමින් ඇති බව වාර්තා වෙයි.
එම සාකච්ඡාවට මහින්ද රාජපක්ෂ සහභාගීව ඇත්තේ ඉල්ලා අස්වීමේ ලිපියද අතැතිවය.
එසේම එම සාකච්ඡාව ආරම්භයේදීම මහින්ද රාජපක්ෂ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ පැහැදිළි බහුතරය ඇති බැවින් ඔවුන්ට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙමු කියා පැවසු බව ජනාධිපති ලේකම් කාර්යාල ජ්‍යෙෂ්ඨ නිලධාරියකු newstube.lk වෙත පැවසීය.
තවද වැඩිදුරටත් ඔහු සඳහන් කර සිටියේ මෙම සාකච්ඡාවෙන් අනතුරුව තීරණාත්මක තීන්දුව ගැනීමට ජනාධිපති සිරිසේන සුදානමින් සිටින බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
