Image

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වෙනසක් වුනා නම් වෙන්න තිබුණ දේ මෙන්න !

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වෙනසක් වුනා නම් වෙන්න තිබුණ දේ මෙන්න !

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (13) ලබාදුන් ඓතිහාසික තීන්දුවෙන් රටේ උත්තරිතර ලියවිල්ල වූ ව්‍යවස්ථාවට ,ඊට හිමි උත්තරීතර භාවය, නැවත හිමිවූ බවත්, එමගින් සතුටට පත්වෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයින් පමණක්  නොව 19 වන සංශෝධනය සම්මත කර ගැනීම ඇතුළු  ප්‍රගතිශිලි පියවරයන් ගැනීම සඳහා යහපාලන රජය පත්කළ ලක්ෂ 62කට ආසන්න වූ මහජනතාව  බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

අද (14) අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර යම් හෙයකින් මේ ජයග්‍රහණය අත්කර ගැනීමට අපට නොහැකි වූයේ නම්, අගවිනිසුරුවරුන්, එළවා දමන, විනිසුරුවරුන්ට ඇසිඩ් ගහන, මාධ්‍යවේදීන්ගේ අතපය කඩන, ඔවුන් ඝාතනය කරන සුදුවෑන් සංස්කෘතියකට නැවත රට පත්වෙන්නට හොඳටම ඉඩකඩ තිබූ බවද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා,

ලජ්ජාවට කරුණක් නම් තත්වය මෙසේ තිබියදී ගලේ පැහැරූ බළලූන් බවට පත්වී ඇති මේ දේශපාලන කුමන්ත්‍රණය මෙහෙයවූ ඊනියා කුමන්ත්‍රණකරුවන් අධිකරණ භුමියෙන් පිටතට ඇවිත් කියපු කියුම් කෙරුම්.  ගම්මන්පිල උන්නැහේ කියනවා අවුරුදු දෙකකට ඡන්දය කල් දමා ගත්තා කියලා. උන්නැහේ මහ ලොකු නීති විශාරදයෙක් කියලා හිතනවා. ඇත්ත වශයෙන්ම සිදුවුණේ අවුරුදු 4 1/2  ක් යනකල් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිට බැහැ කියලා සදහන් වන වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කිරීමයි. 

මේ ඊයේ පෙරේදා ඉදලා ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වීරවංශලා සිදුකළ යම් යම් ප්‍රකාශ ගැන අපේ නීතිඥ මහත්වරුන් සොයාගෙන යනවා. ඔවුන්ගේ එම ප්‍රකාශවලින් අධිකරණයට යම් අපහාසයක් සිදවී තිබේද යන්න අධ්‍යයනය කරමින් සිටිනවා. එසේ සිදුවී තිබේ නම් ඒ ගැන ඉදිරියේදී නීති මාර්ගයෙන් කටයුතු කරන බවත් ප්‍රකාශ කරනවා.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න