Image

රනිල් ඉරිදා අගමැති වෙයි :! 

රනිල් ඉරිදා අගමැති වෙයි :! 

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ හෙට (15) ඉල්ලා අස්වූවත් රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පිහිටුවීම කල්යන ලකුණු පෙන්නුම් කරන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ සිරිසේන ජනාධිපති හෙට පෙරවරුවේ පැවැත්වෙන උත්සවයක් සඳහා දියතලාව හමුදා කඳවුරට යාමට නියමිත නිසාය.

එසේම  අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පෙරමුණ නායක රනිල් වික්‍රමසිංහ  දිව්රුම්දීම සම්බන්ධව මෙතෙක් නිශ්චිත දවසක් සඳහන් කළ නොහැකි බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ඉරිදා අගමැති රනිල් :

නමුත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ එලැඹෙන  ඉරිදා (16) රනිල් වික්‍රමසිංහ මහතා   අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීම සදහා සූදානමක් පවතින බවය. ඒ බව කතානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පෙරමුණ නායක රනිල් වික්‍රමසිංහ , ජනාධිපති සිරිසේන අතර ඊයේ (13) රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී එකගතාවයක් ඇතිව තිබූ බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වුවත් එක්සත් ජාතික පෙරමුණ ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ අගමැතිවරයා ලෙස කඩිනමින් රනිල් වික්‍රමසිංහ නායකවරයා පත්කර පවතින අර්බුදය කඩිනමින් විසඳීමට ජනාධිපති සිරිසේන කටයුතු කලයුතු බවය. ගතවන සෑම මොහොතක් පාසාම රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම රටේ ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්වෙමින් ඇති බවත් ඒ හමුවේ තවදුරටත් රට අස්ථාවර වීමට ඉඩහැරීම කොහෙත්ම අනුමත කල නොහැකි බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

ලක්ෂ්මන් යාපාගේ රස කතාව 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන කියා සිටියේ, සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව හේතුවෙන් අගමැතිවරයා ඉල්ලා අස් නොවුවහොත් අලුතෙන් අගමැතිවරයෙක් පත්කිරීමේ හැකියාවක් නොමැති බවය.

එබැවින් ජනවාරි මාසය වනවිට මුහුණදීමට සිදුවිය හැකි තත්වය සලකා බලා සෙනසුරාදා පදවියෙන් ඉල්ලා අස්වීමට "අගමැති මහින්ද රාජපක්ෂ" තීරණය කළ බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න