බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කරන්න - ජවිපෙ

බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කරන්න - ජවිපෙ

මහ බැංකු බැඳුම්කර පිළිබඳ විමර්ශනය කෙරුණු ජනපති කොමිසමේ වාර්තාවේ සියලු අඩංගු සියළු තොරතුරු වහාම ජනතාවට හෙළිදරව් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයාට අවධාරණය කරයි.

එසේ තොරතුරු ඉදිරිපත් නොකරන්නේ නම් හෙට (2දා) තොරතුරු දැනගැනීමේ පනත හරහා ඒ වෙනුවෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව මන්ත්‍රිවරයා පැවැසීය.

දිසානායක මහතා පැවැසුවේ බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කෙරෙන ජනපති කොමිසම හරහා මේ වන විට වාර්තා 17ක් ඉදිරිපත් කර ඇති නමුත් ඉන් එකදු වාර්තාවක් හෝ ජනතාවට ඉදිරිපත් කර නොමැති බවත් එය බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ වාර්තාවටත් සිදු නොකළ යුතු බවත්ය.

මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම ගනුදෙනුවේ තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට පවතින බැවින් වහාම එය ඔවුන් අතරට පත් කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් කීය.

 බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසම :

බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව මේවනවිට ජනාධිපතිවරයා වෙත බාරදී ඇතත් එය මෙතෙක් ප්‍රසිද්ධියට පත්කර නොමැත.

ඒ සම්බන්ධයෙන් අදාල බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.

අභියාචනාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම විනිසුරුවරුන් පස් දෙනෙකු ගෙන් සමන්විතවිය.

මෙම කොමිසම විසින් සිදුකල විමර්ශනයන්ට අනුව එක් චෝදනාවක් යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පවා නිර්දේශ කර ඇතැයි පැවසේ.

පැමිණිලි 17 ක් ගැන විමර්ශන වාර්තා ජනාධිපතිට :

කොමිසම පිහිටුවීමෙන් අනතුරුව ඊට, පැමිණිලි 2000 කට අධික සංඛ්‍යාවක් ලැබුණු අතර ඉන් 400 ක් විමර්ශනය සඳහා තෝරාගනු ලැබිණි.

ඉන් පැමිණිලි 17 ක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර එහි වාර්තා ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

ඒ අතර ඇවන්ගාඩ් ගනුදෙනුව, හම්බන්තොට වරාය වීවෘත කිරීමේ උත්සවයේදී සිදුවූ බව කියන වංචාව මෙන්ම,
ශ්‍රී ලංකා එයාර් ලයින් ආයතනයේ අක්‍රමිකතා හා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ දිස්ත්‍රික් මට්ටමින් සිදුකළ ජල ව්‍යාපෘතීවලදී ඇතිවූ අක්‍රමිකතා පිළබඳව එම කොමිසම විසින් විභාග කරනු ලැබිය.

ඒ අනුව, එම කොමිසමට ලැබුණු පැමිණිලි 120 ක් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම වෙත ජනාධිපති කාර්යාලය හරහා යොමු කර තිබේ.

ඒ, අදාළ ආයතන ද එම දූෂණ සිද්ධි සම්බන්ධයෙන් ඒ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබීම හේතුවෙනි.

මේ අතර මහා පරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ පරීක්ෂණ අවසන් කර චෝදනා ගොනු කිරීම සඳහා වාර්තා 6 ක් නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

නීතිපති ජයන්ත ජයසූරිය මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඊට අදාළ චෝදනා ගොනු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න