පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ (2017) පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට ආධාර මුදලක් ලෙස ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා වෙන්කළ රුපියල් කෝටි 60 ක මුදලින් වැයකර ඇත්තේ රුපියල් කෝටි 05 ක් පමණක් බවත් ඉතිරි රුපියල් කෝටි 55 ක මුදල අද (31) ආපසු නැවත භාණ්ඩාගාරයට යැවෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඊයේ (31) දහවල් පොළොන්නරුව සිරිපුරදී පැවැති රැස්වීමක දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ආධාර ලෙස වෙන් කළ මුදල් මෙලෙස නැවත රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ආපසු ගියේ මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ආයතන ගම්වල නොතිබීම නිසා බවද ජනාධිපතිවරයා පැවසීය.
මෙවර පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීමෙන් පසුව තේරීපත්වන නියෝජිතයන් ද ඇතුළත්ව ගම්වල සංවර්ධනය සඳහා විශේෂ බළකායක් පිහිට වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

