ජනාධිපතිවරයා විසින් බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට බාරදෙනු ඇති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම කොමිෂන් වාර්තාවේ සඳහන් නිර්දේශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කොමිසමේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයන් සමඟ වාර්තාව භාර ගැනීමෙන් පසු සාකච්ඡා කර ඇත.
අනතුරුව බැඳුම්කර කොමිසමේ වාර්තාව රැගෙන පොළොන්නරුවේ නිවසට ගොස් ඇති ජනාධිපතිවරයා, ඊයේ (31) දිනයම වෙන්කර ඇත්තේ බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කිරීම සඳහා ය.
එම වාර්තාව සම්බන්දයෙන් ගනු ලබන මීලග පියවර ගැන සාකච්චා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ලබන අගහරුවාදා (02) දිනයේ දී අගමැතිවරයා හා නීතිපතිවරයා කැදවා ඇති බවද වාර්තා වෙයි.
මහ බැංකුවේ ප්‍රශ්නගත භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුන් පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා ගිය වසරේ (2017) ජනවාරි 27 වැනිදා මේ කොමිසම පත්කරන ලද අතර කොමිසමේ කටයුතුවලට අවශ්‍ය කාලය ප්‍රමාණවත් නොවීම නිසා සිව්වතාවක් ජනාධිපතිවරයා විසින් කොමිසමේ කාලය දීර්ඝ කර දෙන ලදි.

