විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ තවත් ප්‍රබලයින් දෙදෙනෙකු මේ සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඔහුට සහය දැක්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
විරවංශ මහතාගේ පවුලේ සමීපතමයකු ලෙස සැලකෙන, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ද ඒ අතර සිටින බව එම ආරංචිමාර්ග අනාවරණය කරයි.
එසේ ඉවත්වීමට තීරණය කර ඇති අනෙක් පුද්ගලයා එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකු බව ද පැවසේ.
එහෙත් 'නිව්ස් ටියුබ්' කල විමසීමකදී ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශකයකු පැවසුයේ, මොහොමඩ් මුසම්මිල් මහතා කිසිඳු විටෙක විමල් විරවංශ මහතා තනිකර නොයන බවයි.
කෙසේවුවද, මේ වනවිට ජාතික නිදහස් පෙරමුණේ අභ්‍යන්තර ගැටුම් හමුවේ, එම පක්ෂයේ ඉහළ නිලතල දරූ බොහෝ පිරිසක් එම පක්ෂය හැරගොස් ඇති අතර එහි ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, ජාතික සංවිධායක පියසිරි විජේනායක, උප සභාපති වීරකුමාර දිසානායක, නැගෙනහිර මන්ත්‍රී ජයන්ත වීරසේක යන අයද ඒ අතර වෙති.

