කට පරිස්සම් කරගන්න - මහින්ද දයාසිරිගේ මූණටම කියයි : සිරිසේන සමාව ඉල්ලයි !

කට පරිස්සම් කරගන්න - මහින්ද දයාසිරිගේ මූණටම කියයි : සිරිසේන සමාව ඉල්ලයි !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා ප‍්‍රකාශ නිකුත් කිරීමේදී පරිස්සම් විය යුතු බවත් කඩාකප්පල්කාරීන්ට වාසි සහගතවන ලෙස ප‍්‍රකාශ නිකුත් නොකළ යුතු බවත් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ දැඩිව  අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ ඊයේ (07) පාර්ලිමේන්තුවේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය. 

තවද මෙම වසරේදී මැතිවරණයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදී ආණ්ඩුවට අඛණ්ඩව බලපෑම් කළයුතු බව ජනාධිපති  සිරිසේන එම මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ ගතයුතු යැයිද ජනාධිපතිවරයා පවසා ඇත. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ  (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරන අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුගේ සිත් රිදීමක් සිදුවීනම් තමන් සමාව ඉල්ලා සිටින බවත් එහිදී සිරිසේන ජනාධිපති පවසා ඇති බවද වාර්තා වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා සහභාගී නොවූ බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න