ලසන්ත ඝාතනය : 2007 වීඩියෝවක් ගැන රහස් පොලිස් විමර්ශනයක් !

ලසන්ත ඝාතනය : 2007 වීඩියෝවක් ගැන රහස් පොලිස් විමර්ශනයක් !

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් 2007 වසරේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
2007 අගෝස්තු 19 වැනි දා රූපවාහිනී වැඩසටනකදී හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
 
ඒ අනුව අදාල වැඩසටහනේ පිටපතක් ලබා දෙන ලෙස අධිකරණය මගින් අදාල රූපවාහිනී ආයතනයට නියෝගයක් ලබාගෙන තිබෙන බව ද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මාධ්‍ය නිදහස ගැන ද හිටපු ආරක්ෂක ලේකම්වරයා එම සාකච්ඡාවේදී අදහස් දක්වා ඇතැයි රහස් පොලිසිය පවසයි. 
 
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරනු ලැබුවේ 2009 ජනවාරි අට වැනි දා ය. මිග් ගනුදෙනුව ගැන සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා 2007 වසරේ දී ලිපියක් පළ කර තිබිණි. 


(ලංකාදීප) 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න