ශ්‍රීලන්කන් ගොඩදාන්න : ඉරාන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් !

ශ්‍රීලන්කන් ගොඩදාන්න : ඉරාන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් !

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා හා අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ඇතුළු  12 දෙනෙකුගෙන් යුතු කමිටුවක් ජනාධිපති සිරිසේන විසින් ඊයේ (07) පත්කර ඇත.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත්, මහාචාර්ය ඞී.බී.පී.එච් දිසා බණ්ඩාර, වී.කනගසභපති, එල්.එස්.අයි ජයරත්න, විරාජ් දයාරත්න, මහේන් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් අමරසේකර, තිසුරි වන්නිආරච්චි යන මහත්තම මහත්මීන් කටයුතු කරති.

ඒ අනුව  ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මෙම කමිටුවට ලබාදිය හැකිය. එම අදහස් හා යෝජනා සැළකිල්ලට ගනිමින් කමිටුව විසින් සති දෙකක් අතුළතදී ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න