උතුරු කොළඹ ශක්තිය රටටම දෙමු : ජාතික අසමගිය තුරන් කරමු - ඇමති රවී !

උතුරු කොළඹ ශක්තිය රටටම දෙමු : ජාතික අසමගිය තුරන් කරමු - ඇමති රවී !

තම පක්ෂය ඉදිරිපත් කළ නව ව්‍යවස්තා කෙටුම්පතට අනුව ජාතික සහ ආගමික සහජීවනය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බවත් ඒ තුළින් මෙතෙක් රට තුළ ඇතිවී තිබෙන අසමගිතාවය තුරන් කරන්න හැකි වනු ඇති බවත් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

"මට අවශ්‍යවන්නේ කයිවාරුව නෙමෙයි. ජනතාවගේ අවශ්‍යතාවයට ඔවුන්ට උපකාර කිරීමයි. අද මේ ශ්‍රී ලංකාව කියන්නේ සිංහල, දෙමල, බර්ගර්, මුස්ලිම්, මැලේ කියන සෑම ජන කොටසකටම මගේ රට කියලා කියන්න පුළුවන්, එකට අත්වැල් බැදගෙන කටයුතු කරන්න පුළුවන් රටක්. ඒකේ හොදටම ප්‍රායෝගිකව ක්‍රියාත්මක ආසනයක් තමයි උතුරු කොළඹ. පසුගිය වකවානුවේ රට ප්‍රජාතන්ත්‍රවාදි පෙරලිකාරි ගමනක් ගමන් කළා. නමුත් අපි ඒ සියලු දෙයින් ජයග්‍රහණය කළා" යැයිද එහිදී අමාත්‍යවරයා පවසා ඇත.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (14) පෙරවරුවේ කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින්ය.

තෛපොංගල් උත්සවය වෙනුවෙන් ප්‍රදේශයේ හින්දු භක්තිකයින්ට වියළි ආහාර ද්‍රව්‍ය පිරීනැමීම මෙහිදි රවී කරුණානායක අමාත්‍යවරයා අතින් සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක අමාත්‍යවරයා,

"මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා හින්දු භක්තිකයිනගේ තෛපොංගල් උත්සවයට සුභ පතන්න. 2018 පෙබරවාරි මස 10 දා එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට වාර්තාවක් තිබ්බා. ලංකාවේ සෑම තැනම එ.ජා.ප.ය ජයග්‍රහණය කළාට උතුරු කොළඹ පමණයි සියයට සියයක් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන්න හැකි වුණේ. ඒ ජයග්‍රහණය ලබා දුන්නේ අපේ ඡන්දදායකයෝ. හැමතැනම බලය වෙනින් පැත්තකට යනකොට උතුරු කොළඹ ජනතාවට හැකිවුණා එක්සත් ජාතික පක්ෂයට බලය ලබා දෙන්නට. අපි එ.ජා.ප.යෙන් 17 දෙනෙක් ඉදිරිපත් කළා. ඒ 17 දෙනාම ජයග්‍රහණය කරවන්න උතුරු කොළඹ ජනතාව කටයුතු කළා. ඒක තමයි අපේ තියෙන ශක්තිය. ඒ ශක්තිය අපි රටටම දෙන්න ඕන ".

Captureravi

03 1

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න