එජාපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන මද්දුමබණ්ඩාරගෙන් සහතිකයක් !

එජාපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන මද්දුමබණ්ඩාරගෙන් සහතිකයක් !

එළඹෙන ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයා ජයග්‍රහණය කරන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

මොණරාගල පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පෙහොට්ටුවේ නායකයෝ අද වන විට රතු පටි බැඳ ගෙන සිටින බවත්, සමහරුන්ට ද්විත්ව පුරවැසිභාවය නිසා රාජපක්ෂ පවුලේ අයටත් අද මැතිවරණයකට තරග කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

බොනස් දීමනාවක් ලෙස වැටී සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් අද වන විට උද්යෝගයෙන් සිටින බව ද කියා සිටි අමාත්‍යවරයා, පොහොට්ටුවේ අය රණ්ඩු කරන අතර තුර එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස නිවැරදිව කටයුතු කරන බව ද එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න