මැදගොඩ අභයතිස්ස හමුවීම මල්වතු මහනායක හිමියන් ප්‍රතික්ෂේප කරයි !

මැදගොඩ අභයතිස්ස හමුවීම මල්වතු මහනායක හිමියන් ප්‍රතික්ෂේප කරයි !

පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන භික්ෂුන්වහන්සේ ඇතුළු පිරිසක් මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් හමුවීමට පැමිණී අවස්ථාවේදී ඔවුන්ව හමුවීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මල්වතු මහා විහාරයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් මෙම පිරිසට ඇතුළුවීමට ඉඩලබාදී නොමැති අතර ඊට හේතුවී ඇත්තේ පුජ්‍ය මැදගොඩ අබයතිස්ස හිමියන් ඇතුළු පිරිසක් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ජනතා විමුක්ති පෙරමුණට ගෙවන ලෙස අධිකරණයෙන් නියමවූ වන්දි මුදල සදහා පිඩුසීගාවැඩීමේ ආධාර එකතු කිරීමට පැමිණෙන පුවතයි.

පැය බාගයකට ආසන්න කාලයක් ඔවුන් විහාරය අසල රැඳී සිටිමින් මහනායක හිමියන් හමුවීමට උත්සහා කරන ලදි. ඉන්පසුව ඔවුන් විහාරස්ථානය ඉදිරිපිට සිට මාධ්‍යය වෙත අදහස් දක්වා පිටව ගොස් ඇත.

කෙසේ වුවත් මේ පිරිස අස්ගිරි මහ නායක හිමියන් හමුවූ අතර එහිදී ඉල්ලා සිටියේ රටට ව්‍යවස්ථාවක් නොව කඩිනමින් පළාත් සභා මැතිවරණයක් ලබාදීමට මැදිහත්වන ලෙස ය.

පසුගියදා පුජ්‍ය මැදගොඩ අබයතිස්ස හිමියන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට නියමවු වන්දි මුදල සදහා පින්ඩපාත චාරිකාවක් මේ මස 16 සහ 17 සිදුකරන බවයි. නමුත් මේ වනවිට උන්වහන්සේ ප්‍රකාශ කරන්නෙ තමන් එවැනි ප්‍රකාශයක් නොකල බවයි. සමාජ මාධ්‍යය හා පුවත්පත්වල පවා මෙම ප්‍රවෘත්තිය පලවී තිබු අතර එම වීඩියෝව සදහා බරපතල සමජ විරෝධයක් එල්ලවන ආකාරයද සමාජමාධ්‍ය තුල දැකගත හැකිවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න