ආණ්ඩුව අත්හැරියත් - සන්ධානයේ හිටපු ඇමතිලා ඇමති සැප අත්හැර නෑ !

ආණ්ඩුව අත්හැරියත් - සන්ධානයේ හිටපු ඇමතිලා ඇමති සැප අත්හැර නෑ !

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක්වුවද, ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් මෙතෙක් තම නිල නිවාස හා වාහන රජයට භාරදී නොමැති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ ආකාරයට නිල නිවාස සහ අමාත්‍යාංශ වාහන භාරනොදීම හේතුවෙන් අලුතින් දිවුරුම් දුන් අමාත්‍යවරුන්ට නිල නිවාස සහ අමාත්‍යාංශ වාහන ලබාදීමේදී ආණ්ඩුව අපහසුතාවට පත්ව ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධව මාධ්‍ය කල විමසුමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසා ඇත්තේ ඇතැම් මන්ත්‍රීවරුන් අමාත්‍යාංශ නිල නිවාස තවමත් භාවිත කරන බවයි.

අමාත්‍ය ධුරවලින් ඉවත්ව මාස 03ක් යනතුරු නිල නිවාස භාවිත කළ හැකි බවද මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත.

යහපාලන ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත්වීමෙන් දින 51ක කුමන්ත්‍රණ ආණ්ඩුවක් තිබිණ. යළිත් එක්සත් ජාතික පෙරමුණ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය දෙසැම්බර්16 වැනිදා යළිත් වතාවක් අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් පසුව නව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පිහිට වූ අතර,ආණ්ඩුව පිහිටුවා අද (16) දිනයට මාසයක කාලයක් ගතව තිබේ.

මීට පෙර පැවැති ආණ්ඩුවේ කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන් ලෙස කටයුතු කරමින් නිල නිවාස ලබාගෙන සිටි ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වුවද මෙතෙක් සිය නිල නිවාස රජයට භාරදී නොමැත.

එමෙන්ම ඇතැම් හිටපු අමාත්‍යවරුන් මෙන්ම වත්මන් මන්ත්‍රීවරුන් පිරිසක්ද අමාත්‍යාංශ වාහන භාරදී නොමැති බවද වාර්තාවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න