ලසන්ත ඝාතනය - කීත් නියාර් පැහැරගැනීම :

ලසන්ත ඝාතනය - කීත් නියාර් පැහැරගැනීම :

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ අභිරහස් ඝාතනයට සහ ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් කෘෘර ලෙස වධ හිංසා සිදු කිරීම යන සිද්ධි එකම සැලසුම් සහගත හස්තයක් හරහා සිදුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලසන්ත ඝාතන නඩුව ඊයේ (17) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් මිහාල් හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වූ අවස්ථාවේ ඒ බව අනාවරණය විය.

එසේම ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ විමර්ශන සඳහා හමුදාව පරිහරණය කළ දුරකථන පහක් පිළිබඳ වාර්තා අවශ්‍ය ඇති බව බුද්ධි අංශ දැනුවත් කර ඇති නමුත් එම වාර්තා තවම ලැබී නොමැති බවත් එම වාර්තා ලද වහාම ඉදිරි විමර්ශන කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් අපරාධ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව එහිදී සඳහන්කර ඇත.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින පළමු සැකකකරු යුද හමුදා බුද්ධි අංශ සාජන් මේජර් ප්‍රේමානන්ද උදුලාගම, දෙවන සැකකරු ගල්කිස්ස අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල හා තෙවන සැකකරු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන අය ඊයේ (17) අධිකරණය ඉදිරියේ පෙනි සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න