ජනාධිපති සිරිසේන විසින් පත්කළ දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මේ වන විට සිය ධුරයට කොහෙත්ම අදාළ නොවන විෂය කෙරෙහි අත්පොවමින් සිටින බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
ආසන්නතම සිදුවීම ලෙස ඔවුන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදුවීමේ තොරතුරු ඉල්ලමින් නිවේදන නිකුත් කිරීම සහ විවිධ පාර්ශව වෙත ලිපි ලියමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමය.
ඒ බව දක්වමින් දේශපාලන විචාරයන් සඳහන් කරන්නේ පුරවැසියෙකු ලෙස මෙවැනි සිදුවීම් සම්බන්ධව මැදිහත් වුවත් ආණ්ඩුකාරවරයා ලෙස මැදිහත්වීම අනවශ්‍ය කරුණක් බවයි. එසේම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ විෂය කොහෙත්ම ආණ්ඩුකාර නියෝජනය වන පළාත් සභා විෂය පථයට අයත් නොමැති බවත් ඒ බව නොදැන සිදුකරන මේ මැදිහත්වීම් වගකිව යුතු පාර්ශවයන් අතර අනවශ්‍ය ගැටළු ඇතිකරන බවද ඔවුන් පෙන්වා දෙයි.
මේ සම්බන්ධව මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අවධානයට ලක්කර තිබුණි. පහත දැක්වෙන්නේ ඒ සටහන සහ දකුණු පළාත් ආණ්ඩුකාර නම් ෆේස් බුක් පිටුවේ දක්වා තිබු සටහනය.

