උදයාංගගේ ගිණුම්වලට අදහාගත නොහැකි තරම් මුදල් ඇවිත් !

උදයාංගගේ ගිණුම්වලට අදහාගත නොහැකි තරම් මුදල් ඇවිත් !

මිග් යානා වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ පමණක් නොව ඔහුගේ බිරිඳගේ, ඇගේ සොහොයුරාගේ සහ ඇගේ මවගේ නම්වලින් ශ්‍රී ලංකාවේ බැංකු කිහිපයක පවත්වාගෙන යන ගිණුම් කිහිපයකට විදේශ රටවල සිට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව අනාවරණය වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණයට දැනුම්දී ඇත.

ඒ අදාළ නඩුව කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම මුදල් අතරින් රුපියල් ලක්ෂ 720කට අධික මුදලක් උදයංග වීරතුංග දැනට පදිංචිව සිටින ඩුබායි රාජ්‍ය වෙත සම්ප්‍රේෂණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කෙරෙන බවත් එහිදී තවදුරටත් අනාවරණය විය.

එසේම උදයංග වීරතුංග නමින් ගම්පහ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක අරඹා ඇති ගිණුමකට විශාල පරිමාණයෙන් මුදල් බැරවී ඇතත් එම බැංකු ශාඛාවේ කළමනාකරු ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එකී කළමනාකරු පුත්තලම ප්‍රදේශයේ ශාඛාවකට මාරු වී ගිය පසු උදයංගගේ ගිණුමත් එම ශාඛාවට මාරු කර ඇති බවත් රජයේ අධිනීතීඥවරයා විසින් වැඩිදුරටත් අධිකරණය දැනුම් දෙන ලදී.

තවද උදයංග වීරතුංගගේ බිරිඳගේ මව සහ බිරිඳගේ සොහොයුරා ද මේවන විට ඩුබායි රාජ්‍යයට සහ නෝර්වේ රාජ්‍යයට ගොස් සිටින බැවින් විමර්ශන කටයුතු වලට බාධා පැමිණ ඇති බව ද රජයේ නීතීඥවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.

උදයංග වීරතුංග රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන අතර ඔහු අධිකරණය මඟ හරිමින් රටින් පළාගොස් දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටී.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න