බන්ධනාගාර රැඳවියන්ට එරෙහි ප්‍රහාරය ගැන හොයන්න තවත් කමිටුවක් !  

බන්ධනාගාර රැඳවියන්ට එරෙහි ප්‍රහාරය ගැන හොයන්න තවත් කමිටුවක් !   

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා තවත් පරීක්ෂණ කමිටුවක් පත්කරන බවත් සිද්ධියට සම්බන්ධ වූ අයට තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් අධිකරණ හා බන්ධනාගා ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (17) පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

“මේ වන විට අපි බන්ධනාගාර නිලධාරීන් හා අමාත්‍යාංශයේ නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා මේ වන විටත් අදාළ පරීක්ෂණ කටයුතු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට පැවැත්වෙනවා. ඊට අමතරව දෙවැනි පරීක්ෂණ කමිටුවකුත් මම පත් කළා. ඒ සදහා අපේ අමාත්‍යාංශයේ එක් නිලධාරියෙකුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීයෙකුත් පත් කළා. ඒ අයගෙනුත් වාර්තාවක් බලා පොරොත්තු වෙනවා.

අද පටන් ගත්ත කමිටුවේ වාර්තාව ලබන සඳුදා වන විටත් අනෙක් කමිටුවේ වාර්තාව 25 වනදා වන විටත් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.මෙම සිද්ධියට හේතු කාරණා රාශියක් තියෙනවා. 2018 නොවැම්බර් 22 මේක වෙන්නේ .ඊට පෙර සිද්ධි කිහිපයක් සිදු වෙනවා 2018 නොවැම්බර් 16 වැනිදා බන්ධනාගාරය තුළ සිරකරුවෙකුට ගලකින් පහරදී ඝාතනය වෙනවා .එම සිරකරු හෝකන්දර ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් හා රීටා ‍ජොන් ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වු පුද්ගලයෙක්.

තවත් සිරකරුවෙක් 2018.11.20 වැනිදා වැසිකිළි පිරිසිදු කිරීමට ගන්නා ලයිසෝල් පානය කිරීම අනතුරුව අගුණකොලපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වෛද්‍යවරයා තල්ලු කර දමා පැන ගිහින් තිබෙනවා. සිද්ධය වු දින උදේ අහාර ලබාදීමට ගිය නිලධාරීයා ඉදිරියේදී සිරකරුවෙකු තවත් සිරකරුවෙකුට පහරදී තිබෙනවා. මෙහිදී සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. එය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් පැමිණීමත් සමග ඔවුන්ට ද මේ සිරකරුවන් පිරිසක් යකඩ පොලු සහ විකට් පොලු ගෙන පහරදීමට උත්සාහ කර තිබෙනවා. මේ සිද්ධි කිහිපයත් සමගම මේ ගැටුම ආරම්භ වී තිබෙනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න