ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය තාවකාලිකව ලබන මස 25 වනදා දක්වා ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද(21) නියම කළේය.
ඒ අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ විත්තියේ නීතිඥවරුන් විසින් කළ ඉල්ලීමක් පිළිගනිමින්ය.
එහිදී විනිසුරුවරයා නියම කළේ නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි මස 28 වන දා සිදු කරන බවයි. එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා විනිසුරුවරයා අවවාද කළේය.
ඉකුත් රජය සමයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර දීමට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කළ විත්තිකාර විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුවේ චෝදනා එල්ල කර තිබේ.
එමෙන්ම අදාළ රුපියල් ලක්ෂ 355 ක අල්ලස් මුදලක් විත්තිකාර විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට ලබාදීම තුළින් ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති මහතා විසින්ද අල්ලස් පනතේ වරදක් සිදුකර ඇති බව මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර තිබේ.

