ඉන්දීය ආධාරයෙන් : වතු නිවාස 150ක් ජනතාවට !

ඉන්දීය ආධාරයෙන් : වතු නිවාස 150ක් ජනතාවට !

ඉන්දියානු රජය මගින් වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදි කරන වතු නිවාස යෝජනා ක්‍රමය යටතේ ආගරපතන ඩයගම ඩෙස්පොඩ් වතුයායේ ඉදි කරන වතු නිවාස 150 වතු කම්කරු අයිතියට පත් කිරිම ඊයේ (20) සිදුවිය.

පලිනි දිගම්බරම් හා ගයාන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් සහ ශ්‍රි ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය කොමසාරිස් ශ්‍රි පාත් අම්මි ඇතුළු අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස යෝජනා ක්‍රමය වතු කම්කරු අයිතියට පත් කරනු ලැබිණ.

එම නිවාස යෝජනා ක්‍රමය එබ්‍රහම් සිංයෝ ගම්මානය වශයෙන් නම් කර තිබේ.

පර්චස් 7 ක ඉඩම් කැබැල්ලක සියළුම පහසුකම් සහිතව එක් නිවසක විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක් , මුළුතැන්ගෙයක් , සනීපාරක්ෂක පද්ධතියක් ඇතුළු මං මාවත් ,විදුලිය සහ පානීය ජලයද මෙම නිවාස යෝජනා ක්‍රමයේ සමන්විත වන අතර මෙම එක් නිවසක් වර්ග අඩි 750 කින් සමන්විත වෙයි.

මෙම නිවාස යෝජනා ක්‍රමයේ එක් නිවසක් සදහා ඉන්දියානු රජයෙන් රු ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග වශයෙන් ලබාදි ඇති අතර කදුරට නව ගම්මාන අමාත්‍යංශයෙන් එම එක් නිවසක් සදහා රු ලක්ෂ 2 ක් ඇතුළු එක් නිවසකට රු ලක්ෂ 12 ප්‍රතිපාදන යටතේ මුළු නිවාස 150 සදහා රු මිලියන 170 ක ප්‍රතිපාදන වැය කර ඇත.

99BFED11 FEE3 4969 B7C9 B13A3FEBACB1

6801B8DA 0217 456F 868C FAC78895EE5C

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න