ගම්පෙරළිය ඉක්මන් ගමනක : අගෝස්තුවට පෙර මේ වසරේ වැඩ අවසන් !

ගම්පෙරළිය ඉක්මන් ගමනක : අගෝස්තුවට පෙර මේ වසරේ වැඩ අවසන් !

මෙම වසරේ ක්‍රියාවට නැංවීමට යෝජිත ගම්පෙරළිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘති සියල්ල අගෝස්තු මාසය වන විට ආරම්භ කර අවසන් කළ යුතු බව දැනුම්දී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ බව මේ වන විටත් අමාත්‍යංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග විසින් සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දන්වා ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටින අතර එහිදී මුදල් යොදවා සිදුකරන ව්‍යාපෘති වලට අදාළ ගෙවීම් ද සැප්තැම්බර් මාසය වන විට සිදුකරන ලෙසත් දන්වා ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධව පසුගියදා සියළු දිස්ත්‍රික් ලේකම්වරුන් අමාත්‍යංශයට කැඳවා දැනුවත් කල අවස්ථාවේ ද දැනුම්දී ඇති බවත් ගම්පෙරළිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය විධිමත්ව සහ කඩිනම්ව ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතියක් බවට පත්කිරීම වෙනුවෙන් විශේෂ ලේකම් කාර්යාලයක්ද අමාත්‍යංශයේ පිහිටුවීමටද කටයුතු යොදා ඇත.

ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් හඳුනාගත් ක්ෂේත්‍ර 12ක් පමණ වන ව්‍යාපෘති සඳහා ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සෑම මැතිවරණ කොට්ඨාශයක් සඳහාම රුපියල් මිලියන 300 බැගින් රුපියල් බිලියන 48ක් 2019 වසර වෙනුවෙන් වෙන් කිරීමටද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න