විදුලි බල මණ්ඩලය 2018 වසරේ රුපියල් කෝටි 5000ක පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරයි.
මෙතරම් අලාභයක් ලැබීමට මූලික හෙතුව වී ඇත්තේ ශ්‍රි ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම හේතුවෙන් බවත් ඔහු පෙන්වා දෙයි.
සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර ඉදිරියේදී ඉදිකිරීමට නියමිත LNG බලාගාර ඉදිකිරීම අවහිර කරන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳවද එහිදී ප්‍රශ්න කර ඇත.
එසේම මේ පිළිබදව නීති සාදන්නන් හා මහජනතාව එක්ව ඉතාමත් ඉක්මනින් අවධානය යොමුකළ යුතුව ඇතැයිද ඔහු සිය ට්ටිටර් සටහනේ අවධාරණය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
