Language Switcher

V2025

හරීන්ගේ ඉල්ලීම icc පිළිගනී : ක්‍රිකට් නිලවරණය කල්යයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී. එකඟතාව හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (20) අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් හමුවී ඇති අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට හේතු අමාත්‍යවරයා විසින් පැහැදිලි කර ඇත.

අමාත්‍යවරයාගේ එම කරුණු පැහැදිලි කිරීම අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරියා පිළිගෙන ඇති අතර ඒ සම්බන්ධව අමාත්‍යවරයා සිය ට්වීටර් ගිණුමේද සහටනක් තබා ඇත.

කෙසේ වුවත් තිලංග සුමතිපාල පාර්ශවය පසුගිය දින වල ප්‍රචාරය කර සිටියේ ක්‍රිකට් නිලවරණය පමා කිරීම හමුවේ ශ්‍රී ලංකාවට අයි.සී.සී. සාමාජිකත්වය අහිමිවීමේ අවධානමක් ඇති බවත් එසේ වුවහොත් ක්‍රීඩා අමාත්‍යවරයා එහි වගකීම ගතයුතු බවත්ය.

Captureh