සිරිසේන - මහින්ද සීතල යුද්ධයක : ශ්‍රීලනිප ප්‍රකාශක මහින්ද හෙළිකරයි !

සිරිසේන - මහින්ද සීතල යුද්ධයක : ශ්‍රීලනිප ප්‍රකාශක මහින්ද හෙළිකරයි !

ශ‍්‍රීලනිපය හා පොහොට්ටුව එක් වි බිහි කරන සන්ධානයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන අපේක්‍ෂකත්වය වත්මන් ජනාධිපති සිරිසේනට ලබා නොදුනහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනිව තරග කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ පවසයි.

මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රීවරයාව අගමැති කිරීමේ ගැටළුවක් නැති නමුත් ජනාධිපති සිරිසේනව ජනාධිපති අපේක්‍ෂකයා නොකලහොත් ශ‍්‍රීලනිපය තනිව තරග කල යුතු බව පක්ෂයේ ස්ථාවරය බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

පුවත්පතකට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර එක් රාජපක්‍ෂවරයෙකු ජනාධිපති ලෙසත් තවත් රාජපක්‍ෂවරයෙකු අගමැති ලෙසත් පිලිගැනීමට රටේ ජනතාව සූදානම් නැති බවත් එහිදී පවසා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රී මහින්ද සමරසිංහ සඳහන් කර ඇත්තේ පසුගියදා මහින්ද රාජපක්‍ෂ අගමැති කරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවක් පිහිටුවන ලද්දේ පාර්ලිමේන්තුවේ 113 ඇතැයි රාජපක්‍ෂ පාර්ශවයෙන් සහතිකයක් දී තිබූ නිසා නමුත් ඔවුන්ගේ සැබෑ උවමනාව වූයේ පාර්ලිමේන්තව විසුරුවා මැතිවරණයක් ලබා ගැනීම බවත්ය.

කෙසේ හෝ එම පාර්ශවයේ ගැටයට ජනාධිපතිවරයා අසු වී පාර්ලිමේන්තුවද විසුරුවා හැරි බවත් මන්ත‍්‍රීවරයා කියයි.

තවද දැනටමත් දිස්ත‍්‍රික් මට්ටමින් ශ‍්‍රීලනිප පිරිස්වලට ඡන්දය නොදෙන්නැයි පොහොට්ටුව විසින් සංවිධානාත්මකව ප‍්‍රචාර අරඹා ඇති බවත් එම තත්වය මත නව සන්ධානය ගැන සැක සහිත තත්වයක් ඇතිව තිබෙන බවත් සමරසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න