මත්ද්‍රව්‍ය සඳහා මරණ දඬුවම සම්බන්ධව සිරිසේන දැඩි තීරණයක !

මත්ද්‍රව්‍ය සඳහා මරණ දඬුවම සම්බන්ධව සිරිසේන දැඩි තීරණයක !

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් කි්‍රයාවට නංවන බව ජනාධිපති සිරිසේන පවසයි.

සිරිසේන ජනාධිපති මේ බව සඳහන් කර සිටියේ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට බව සඳහන් කරමින් මානව හිමිකම් දරුණු ලෙස උල්ලංඝනය කළ බවට ජාත්‍යන්තරව චෝදනා ලබා අපකීර්තියට පත්ව ඇති රටක් වන පිලිපීන සංචාරයෙන් පසුව මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කරමින් අද (21) මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති වැඩසටහන අමතමිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ද ජනාධිපති සිරිසේන එහිදී අවධාරණය කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ගාස්තු රහිත කෙටි දුරකථන අංකයක් හඳුන්වාදීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළ අතර ඒ අනුව 1984 අංකය අමතා ඕනෑම අයෙකුට ඒ පිළිබඳ තොරතුරු ලබාදිය හැකිය.

මෙහිදී අදහස් දැක් වු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තම ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා පිලිපීන රජයේ සහය පළ වී තිඛෙන බවත්, ඒ සඳහා ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළඟදීම දිවයිනට පැමිණීමට නියමිත බවත් ය.

පිලිපීනය මත්ද්‍රව්‍ය හේතුවෙන් විනාශ වී තිබු රටක් වන අතර එහි ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ හේතුවෙන් අද පිලිපීනය එම අභියෝගය ජයගෙන තිඛෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලට එරෙහිව පිලිපීන ජනාධිපතිවරයා ක්‍රියාත්මක කර ඇති තීරණ තමා විසින් ක්‍රියාත්මක නොකළ ද ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට බියේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගන්නා දැඩි තීන්දු තීරණ වෙනස් නොකරන බව ද කියා සිටියේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහි ව ගන්නා දැඩි තීන්දු තීරණවලට එරෙහිව ඇතැම් මානව හිමිකම් සංවිධාන හඬ නැගුව ද මෙම ව්‍යසනය හේතුවෙන් රටට, ජාතියට සහ දරුවන්ගේ අනාගතයට සිදුවන විනාශය පිළිබඳ ඔවුන් අවධානය යොමු නොකරන බවත් රටට සිදුවන මෙම විනාශය පිළිබඳ එම සියලූදෙනා වගකිවයුතු බවත් ය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පමණක් නොව එම ජාවාරම් පිටුපස සිටින අනෙකුත් පාර්ශ්වයන් පිළිබඳව තොරතුරු ද තමා රටට හෙළි කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ලබන 28 වනදා දක්වා ක්‍රියාවට නංවා තිඛෙන අතර ඒ යටතේ ප්‍රධාන වැඩසටහනක් ලෙස ජනවාරි 21 වනදා සිට 25 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ක්‍රියාත්මක කෙරේ.

එහි සමාරම්භක උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ දී පැවැත්වුණේ යාපනයේ දිස්ත්‍රික්කයේ පාසල්වල සිසුන් එක් ලක්ෂ පනස්දහසක් උදෑසන ශිෂ්‍ය රැස්වීමේ දී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න