ජනාධිපති වීමට සුදුසු සිරිමාවෝ, චන්ද්‍රිකා වගේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් - වෙල්ගම

ජනාධිපති වීමට සුදුසු සිරිමාවෝ, චන්ද්‍රිකා වගේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් - වෙල්ගම

ජනාධිපති ධුරයට තමන් අකමැති බවත් සියලු බලතල එකම අයෙකුට පැවරෙන එවැනි ධුරයකට පත්විය යුතුව ඇත්තේ සිරිමාවෝ මැතිණිය, චන්ද්‍රිකා මැතිණිය වැනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

මිල්ලනිය, ගල්පාත පුරාණ රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ "ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට මම සූදානම්" යනුවෙන් සිදුකල ප්‍රකාශය සම්බන්ධවය.

සිරිසේනට නම් කැමතිම නෑ !

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ගෝඨාභයගේ ප්‍රකාශයත් සමඟ චමල් රාජපක්ෂ සහ දයාසිරි ජයසේකරත් "ජනාධිපති අපේක්ෂකත්වයට මම සූදානම්" කියමින් ප්‍රකාශ නිකුත්කළ බවත් මේ වන විට එම ප්‍රකාශය විහිළුවක් බවට පත්ව ඇති බවය.

එසේම ජනාධිපතිවරයාට කිසි විටෙකත් තමා කැමැති නැති බවත්, ජනාධිපතිවරයෙකුට විශාල බලතල අවශ්‍ය නොවන අතර පාර්ලිමේන්තුවට බලය ලබා දිය යුතු බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න