2024 දී නව නිවාස ඒකක 40,000 ක් ලබාදෙන සූදානමක් !

2024 දී නව නිවාස ඒකක 40,000 ක් ලබාදෙන සූදානමක් !

නාගරික සංවර්ධන අධිකාරිය මගින් පරිපාලිත නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මෙරට ප‍්‍රධාන වාණිජ අගනගරය වන කොළඹ නාගරික බල සීමාව තුළ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් 2024 දී නව නිවාස ඒකක 40,000 ක් ලබාදීම ප‍්‍රධාන ඉලක්කය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ මෙහෙයවීමෙන් මේ සිදුවේ.

අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන පවුල් සඳහා නවීන පහසුකම් සහිත ස්ථිර නිවසක් ලබාදී ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒම මූලික අරමුණ කර ගනිමින් ‘නිවසක් වෙනුවට ජීවිතයක්’ වැඩපිළිවෙල නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මේවන විට නිවාස ඒකක 8,113 ක වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කර ඇති අතර තවත් නිවාස ඒකක 7,694 ක් මේ වන විටත් ඉදිවෙමින් පවතී.

අද දින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් විවෘත වන දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරයේදී නිවාස ඒකක 266 ක් ජනතා අයිතියට පත් කෙරේ. එහි ප‍්‍රතිලාභීන් ලෙස දෙමටගොඩ, රාජගිරිය අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා අවතැන් වන ආරාමය පෙදෙසේ නිවැසියන් හා කැළණිවැලි දුම්රිය මර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය කිරීම හේතුවෙන් අවතැන්වන ජනතාව, ස්ටේඩියම්ගම ජනාවාසයේ වත්මන් පදිංචිකරුවන් හට මෙම නිවාස සංකීර්ණයේ නිවාස හිමිකම් ලැබෙනු ඇත.

රුපියල් මිලියන 1,064ක ආයෝජනයකින් ඉදිකළ ‘සියපත් සෙවණ’ මහල් නිවාස සංකීර්ණය මහල් 15 කින් සමන්විතය. මෙහි නිවසක නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුලූතැන් ගෙයක්, සඳළුතලයක්, සනීපාරක්‍ෂක හා සියළු පොදු පහසුකම්වලින් සමන්විත වේ. මෙහි පළමු අදියර යටතේ නිවාස ඒකක 437 ක් මේ වන විට ජනතා අයිතියට පත්කර ඇත.

2016/17/18 වර්ෂ තුළදී ජනතා අයිතියට පත් කළ නිවාස ව්‍යාපෘති,

නිවාස ව්‍යාපෘති නිවාස ගණන

මුවදොර උයන (ෆර්ගියුෂන් පාර) - 254

සියසෙත සෙවණ (ප‍්‍රදීපා මාවත) - 266

ජයමග සෙවණ (මහවත්ත) - 68

ලක්හිරු සෙවණ (මාළිඟාවත්ත) - 192

මෙත්සඳ සෙවණ (හේනමුල්ල) - 218

ලක්සඳ සෙවණ (කොලොන්නාව) - 792

ලක්සෙත සෙවණ (මාළිඟාවත්ත) - 480

සියපත් සෙවණ (දෙමටගොඩ) - 437

මෙත්සඳ සෙවණ (හේනමුල්ල) - 722

අංගොඩ - 500 (මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය)

එකතුව - 3,929

2019 වර්ෂයේදී ජනතා අයිතියට පත් කෙරෙන නිවාස ව්‍යාපෘති

නිවාස ව්‍යාපෘති නිවාස ගණන

සියපත් සෙවණ, දෙමටගොඩ - 266 (ජනවාරි 22 වන දින ජනතා අයිතියට)

මට්ටක්කුලිය 1 - 1,647 (අපේ‍්‍රල් මාසය)

මට්ටක්කුලිය 2 - 1,076 (අපේ‍්‍රල් මාසය)

අලූත් මාවත 1 - 576 (අපේ‍්‍රල් මාසය)

අලූත් මාවත 2 - 672 (අපේ‍්‍රල් මාසය)

මාළිගාවත්ත - 576

කොලොන්නාව - 696

කොළඹගේ මාවත, කොළඹ 05 - 615

කාලිංඝ මාවත, කොළඹ 05 - 528

ටොරිංටන් මාවත - 120

කිඹුලා ඇල, බ්ලූමැන්ඩල් - 472

601 වත්ත,බ්ලූමැන්ඩල් - 450

එකතුව - 7,694

PM

PM1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න