පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ විධිවිධානවලට තමන් විරුද්ධ නොවන බව හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (23දා) එම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයෙන් බලවත් කිරීමට අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
“ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වීම යනු සියලුම ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධ වීම නොවන බවද අපි පැහැදිලිව කිව යුතුය. වර්තමාන ව්‍යවස්ථාවේ පුලුල් වෙනස්කම් සිඳු විය යුතු බව අපි පිළිගනිමු. 19 වෙනි සංශෝධනය නිසා පමණක් මොන තරම් අවුලක් ඇති වීතිබෙනවාද? ඇතැම් දේශපාලන පක්‍ෂවලට තිබෙන බෙදුම්වාදී නැත්නම් ෆෙඩරල්වාදී අදහස් අපි ප්‍රතික්‍ෂේප කරන අතරම ඒ ඒ ප්‍රාදේශීය ජන සමාජයන් වලට යම් කිසි ජාතික රාමුවක් තුළ තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් තිබිය යුතු බවත් අපි පිළිගනිමු.
ඊලඟ ජාතික ඡන්දයේදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අපේම යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් ජනතාවගෙන් වරමක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙමු. අපගේ එම උත්සාහයට සහයෝගය දෙන මෙන් මම ජනතාවගෙන් මෙන්ම සියලුම දේශපාලන පක්‍ෂ වලින්ද මේ අවස්ථාවේදී ඉල්ලා සිටිමි” යනුවෙන්ද ඔහු පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
