හිරු සුදේව පොහොට්ටුවෙන් කොළඹ දේශපාලනයට !

හිරු සුදේව පොහොට්ටුවෙන් කොළඹ දේශපාලනයට !

ආසියානු මාධ්‍ය ජලයේ (ABC Network) රූපවාහිනී නාලිකාව වන හිරු ටීවී හි පුවත් හා කාලීන සිදුවීම් අංශයේ අධ්‍යක්ෂකවරයා වන සුදේව හෙට්ටිආරච්චි මහතා එළඹෙන මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නියමිත බව අප වෙත වාර්තා වේ.

ඒ අනුව ඔහු පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටවීමට නියමිත සන්ධානයෙන් එළඹෙන මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බවත් ඊට හිරු මාධ්‍ය ජාලයේ සභාපති සහ හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ සහෝදරයා වන රේන ද සිල්වා මහතාගේ ආශීර්වාදය ලැබී ඇති බවද වැඩි දුරටත් සඳහන් වාර්තා වේ.

එසේම පසුගිය කාල සීමාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිරු ප්‍රධානී රේන ද සිල්වා යන මහත්වරුන් අතර පැවති සමීප බව දුරස්කර ඔවුන් වෙන් කිරීමට මෙන්ම රේන ද සිල්වා මහතා ජනපති සිරිසේන වෙත වඩාත් සමීප කිරීමට සුදේව හෙට්ටිආරච්චි මහතා විශාල වැඩකොටසක් සිදුකර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

එවන් පසුබිමක් තුල, පසුගියදා හිරු ටීවී හි පවතී සලකුණ වැඩසහන සඳහා දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම.ඒ. සුමන්තිරන් මහතා සහභාගී වූ අවස්ථාවේදී ඔහු අඛණ්ඩව ප්‍රශ්න කිරීමකට එහිදී ලක්කෙරිණි.

මේ වනවිට සිල්වා වරුන්ට අහිමිවෙමින් පවතින දේශපාලන බලය යලි ලබාගැනීමේ අරමුණින් සුදේව මැතිවරණයට ඉදිරිපත් කිරීමටත් එමගින් සිය මාධ්‍ය සහ දේශපාලන බලය වර්ධනය කරගැනීමත් ආසියානු මාධ්‍ය ජලයේ ප්‍රධානීන්ගේ අරමුණ වී ඇති බවද තතු දත්තෝ සඳහන් කරති.

කෙසේ වෙතත් එළබෙන මැතිවරණය සඳහා පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිප ඒකාබද්ධ සන්ධානයකින් තරඟ කරන බවට මේ වනවිටත් පුවත් පලවී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න